ඉදිරි කාලය තුළ පාතාලය අවසන් කිරීමට සියලු ක්‍රියාමාර්ග ගන්නවා – ජනපතිගෙන් ප්‍රකාශයක්(වීඩියෝ)

ජනතාවගේ ආරක්ෂාව සඳහා පවතින නිල ආයතනවල ඇතැම් පුද්ගලයන් දක්වා ම පාතාලය පැතිරී ඇති බව විමර්ශනවලින් හෙළි වන බවත් අනිවාර්යෙන්ම ඉදිරි කාලය තුළ පාතාලය සහමුලින්ම අවසන් කිරීමට සියලු කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (20) පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළා.

ඒ සඳහා යම් කාලයක් ගතවන බව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වාදුන්නා.

ජනාධිපතිවරයා මේ බව පවසා සිටියේ දසවැනි පාර්ලිමේන්තුවේ ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ පළමු රැස්වීම අද පාර්ලිමේන්තුවේ දී ජනපතිගේ සභාපතීත්වයෙන් පැවැත්වූ අවස්ථාවේදීයි.

මෙහිදී මෙරට අධිකරණ සංකීර්ණවල ආරක්ෂාව පිළිබඳ අදහස් දක්වමින් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසා සිටියේ අධිකරණ සංකීර්ණවල ආරක්ෂාව සම්බන්ධව යෝජනාවලියක් සකස් කොට ඇති බවත් ඉදිරියේ දී නීතිඥයන් ඇතුළු සියලු පාර්ශ්ව පරීක්ෂාවට ලක්කරමින් නවීන තාක්ෂණය ද භාවිතකොට අධිකරණ සංකීර්ණවල ආරක්ෂාව වැඩිකිරීමට පියවර ගන්නා බවයි.

මේ අතර, උතුරු නැගෙනහිර පළාත්වල යුධ හමුදා කඳවුරු සහිත ඉඩම් නැවත මුල් අයිතිකරුවන්ට නිදහස් කිරීම පිළිබඳව ද මෙහිදී මන්ත්‍රීවරු කරුණු ඉදිරිපත් කළා.

මෙහිදී ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා පවසා සිටියේ උතුරු නැගෙනහිර පමණක් නොව සමස්ත දිවයිනේම ත්‍රිවිධ හමුදාව භාවිතා කරන ඉඩම් පිළිබද නැවත විගණනයක් හෝ ඇගයීමක් සිදුකර ඉඩම් නිදහස් කිරීම සම්බන්ධයෙන් ඉදිරි තීරණයන් ගන්නා බවයි.

හමුදාව මගින් පාලනය වන සංචාරක හෝටල් ඇතුළු ව්‍යාපාර, සංචාරක කර්මාන්තය සඳහා වඩාත් ඵලදායි ආයෝජන කෙරෙහි යෙදවීමට ඇති හැකියාව පිළිබඳව ද මන්ත්‍රීවරු මෙහිදී විමසීම් කළා.

ඒ අනුව ඉදිරියේදී ඒ සම්බන්ධ‍යෙන් අධ්‍යයනයක් සිදුකර ආර්ථික ප්‍රතිලාභ සඳහා ඒවා යොදා ගැනීම පිළිබඳව තීරණය කිරීමට හැකියාව පවතින බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.

උතුරු පළාතේ ස්ථාපිත ඇතැම් සිද්ධස්ථාන මුල්කොටගෙන යම් වාර්ගික හා ආගමික බෙදීම් ඇති විමේ හැකියාවක් ඇති බව මෙහිදී ඇතැම් මන්ත්‍රීවරු ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කළා.

මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ආගමිකවාදය සහ ජාතිවාදය දේශපාලනයෙන් සහමුලින්ම ඉවත්විය යුතු බවයි.

එම ප්‍රදේශයේ පුරවැසියන්ගේ අවංක උවමනාව මත මෙම සියලු ප්‍රශ්න විසඳාගත හැකි බවත් ඇතැම් පටු දේශපාලන වාසි අපේක්ෂා කරන කණ්ඩායම් මෙවැනි අවස්ථාවන් දේශපාලන ගැටලු බවට පත් කරන බවත් ජනාධිපතිවරයා පැවසුවා.

එබැවින් පටු දේශපාලන වාසි තකා ජාතිවාදය සහ ආගම්වාදය ඇතිකිරී‍මට කිසිවෙකුට ඉඩ නොතැබීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා අවධාරණය කර සිටියා.

එසේම ජාතික ආපදා කමිටුව ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද මෙහිදී අවධානය යොමුවුණා.

ඒ අනුව එම කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබා දුන්නා.

නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි, ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික), අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ද ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික), ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු ආරක්ෂක අමාත්‍යාංශය සහ ඒ යටතේ ඇති ආයතනවල නිලධාරී පිරිසක් ද පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34