AFC Banner
AFC Banner
Empty Ad

පොලිසියට අවශ්‍ය කර සිටි රතු වරෙන්තුකරුවන් දෙදෙනකු දිවයිනට

වෙඩි තැබීම්, මනුෂ්‍ය ඝාතන, මුදල් වංචා පිළිබඳ ශ්‍රී ලංකා පොලිසියට අවශ්‍ය කර සිටි සැකකරුවන් දෙදෙනෙකු ඉන්දියාව වෙත පලා ගොස් සිටියදී ජාත්‍යන්තර පොලිසියේ සහාය ඇතිව, රතු නිවේදන නිකුත් කර, එරට දී අත්අඩංගුවට ගෙන, පිටුවහල් කර අද (20) අලුයම කටුනායක ගුවන්තොටුපොළ වෙත එවා තිබෙනවා.

ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ මොවුන් අතරින් එක් අයෙකු හම්බන්තොට ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි රත්නායක වීරකෝන් අරෝෂන් මධුසංඛ නමැති අය බවයි.

අනෙක් පුද්ගලයා මොරටුව ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි එරංග පුෂ්පකුමාර හෙට්ටිආරච්චි නමැති අය වන අතර මොවුන් දෙදෙනා අද අලුයම 01.40ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6 ඊ.- 1171 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණා.

කටුනායක ගුවන් තොටුපොළේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මොවුන් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් වෙත භාරදීමට කටයුතු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?