AFC Banner
AFC Banner
Empty Ad

මිද්දෙණියේ සිදු වූ වෙඩිල්ලට පෙර මරණකරු තැබූ ෆේස්බුක් සටහන

ඊයේ (18) රාත්‍රියේ මිද්දෙණිය පොලිස් වසමේ කඩේවත්ත හන්දියේ දී සිදු කළ වෙඩි තැබීමෙන් මියගිය අරුණ විදානගමගේ නොහොත් කජ්ජා නමැත්තා සිය මුහුණුපොතේ ජීවිතක්ෂයට පත් වීමට දින තුනකට පෙර තැබූ සටහනක් මේ වනවිට (19) ශීඝ්‍රයෙන් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතිනවා.

මරණකරු සඳහන් කර ඇත්තේ; ”ඈත පේන මරනෙ ගැන හිතන්නෙ නැතුව. ළඟ තියන ජීවිතය ගැන හිතලා සතුටින් ඉදපල්ලා..(නොහැක්කක් නොමැත.)” යනුවෙන්.

එම සටහන සමග ඔහු වාහනයක අසුන්ගෙන සිටින දර්ශනයක් ඇතුළත් ඡායාරූපයක් ද මුහුණුපොතට එක් කර තිබෙනවා.

ඉන් හරියටම දින තුනකට පසුව කජ්ජා නමැති මෙම මරණකරු තම සය හැවිරිදි දියණිය සහ කුඩා පුතු සමග යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදියි වෙඩි ප්‍රහාරයට ගොදුරු වූයේ.

එම වෙඩි ප්‍රහාරයෙන් 39 හැවිරිදි අරුණ විදානගමගේ නොහොත් කජ්ජා නමැත්තේ එම ස්ථානයේදීම මියගිය අතර බරපතළ තුවාල ලැබූ පුතු ඇඹිලිපිටිය රෝහලටත් දියණිය තංගල්ල රෝහලටත් ඇතුළත් කෙරුණා.

නමුත් රෝහලේ දී සය හැවිරිදි වියේ පසුවූ දියණිය අද අලුයම මියගොස් ඇති අතර මිද්දෙණිය පොලිසිය අප කළ විමසීමක දී පැවසුවේ බරපතළ තත්ත්වයේ පසුවන පුතු සැත්කමකට භාජනය කර ඇති බවයි.

යතුරුපැදියකින් ගමන් කරමින් සිටි අරුණ නමැත්තා හට නාඳුනන පුද්ගලයින් පිරිසක් විසින් මෙලෙස වෙඩි තබා පලාගොස් තිබුණා.

මරණකරුවන් ගල්පොත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන්.

මෙම වෙඩිතැබීම සඳහා ටී-56 වර්ගයේ ගිනිඅවියක් භාවිතා කර ඇති බවට පොලීසිය පවසනවා.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් හෙළි ව නැති අතර සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

Aruna
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
0
+1
0
+1
2
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2025 අයවැය පාර්ලිමේන්තු විවාදය දෙවැනි දිනය සජීවීව
45:51
Video thumbnail
2025 අයවැය පාර්ලිමේන්තු විවාදය දෙවැනි දිනය සජීවීව
22:11
Video thumbnail
2025 අයවැය පාර්ලිමේන්තු විවාදය දෙවැනි දිනය සජීවීව
40:31
Video thumbnail
පොලිසිය මහ රෑ හදිසියේ මාධ්‍ය කැඳවා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
04:46
Video thumbnail
ජාතික ආරක්ෂාව ගැන ගෝඨාභය රාජපක්ෂ නව පංති අරඹයි
06:10
Video thumbnail
නීතිඥ සංගමයට නව සභාපතිවරයෙක් - අලුත් සභාපති කියපු දැනෙන කතාව මෙන්න
06:39
Video thumbnail
මහජන ආරක්ෂක ඇමති ඉල්ලා අස්වෙන්න - රාසමානික්කම් ආණ්ඩුවේ රෙදි ටික නැති කරයි
10:05
Video thumbnail
පැය 24ක් යන්න කළින් ගනේමුල්ල සංජීවගේ ඝාතකයා අල්ලපු මෙහෙයුම මෙන්න
03:13
Video thumbnail
ගනේමුල්ල සංජීවගේ ඝාතකයා අල්ලපු ආරංචිය පාර්ලිමේන්තුවට ආපු හැටි
07:24
Video thumbnail
2025 අයවැය පාර්ලිමේන්තු විවාදය දෙවැනි දිනය සජීවීව
04:35:37

?