2025 අයවැය ගැන සලකා බලා IMF තීන්දුව එළඹෙන 28 වැනිදා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම මගින් සහාය දක්වන ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ තුන්වන සමාලෝචනය අවසන් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණීම පසුගිය 2024 නොවැම්බර් මාසයේ දී සිදු වුණා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට ලැබිය යුතු අමෙරිකානු ඩොලර් මිලියන 333ක පමණ මීළඟ වාරිකය ශ්‍රී ලංකාව වෙත මුදා හැරීමක් එහිදී සිදු නොවූ බව කවුරුත් දන්නා කාරණයක්.

ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාරීත්වය විසින් මෙම සමාලෝචනය අනුමත කිරීමටත් ඉන් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් එය අනුමත කිරීමටත් යටත්ව පැවතියා.

මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් මෙම අනුමත කිරීම ප්‍රමාද වූයේ ප්‍රධාන වශයෙන් 2025 අයවැය යෝජනා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට අනුකූල වන්නේ දැයි යන්න සලකා බැලීමත් සමග යි.

එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2025 අයවැය සම්බන්ධයෙන් සඳහන් කළේ;

“සාර්ව ආර්ථික ස්ථාවරත්වය පවත්වා ගැනීම සහ ණය තිරසාරභාවය නැවත ළඟාකර ගැනීම ශ්‍රී ලංකාවේ සමෘද්ධිය සුරක්ෂිත කිරීම සඳහා ප්‍රධාන වන අතර, වගකීම් සහගත රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වේ. වැඩසටහනේ පරාමිතීන්ට අනුකූලව 2025 වසරේ අයවැය සකස් කිරීම සඳහා අඛණ්ඩ රාජ්‍ය ආදායම් ඒකරාශී කිරීමේ උත්සාහයන් සහ වියදම් සීමා කිරීම අවශ්‍ය වේ. ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ සහ බදු අනුකූලතාව වැඩිදියුණු කිරීමේ උත්සාහයන් අර්බුදයෙන් ඇතිවන අපහසුතා බදු ගෙවන්නන්ගේ එයට දායක වීමේ හැකියාවට සමානුපාතිකව බෙදා හැරීම සහතික කිරීමට උපකාරී වේ. නව බදු නිදහස් කිරීම් වළක්වා ගැනීම මගින් රාජ්‍ය ආදායම් අහිමි වීම් සහ දූෂණ අවදානම් අවම කිරීමට සහ සමාජ වියදම් ඇතුළු වියදම් සඳහා අවශ්‍ය රාජ්‍ය මූල්‍ය ආරක්ෂණ ගොඩනංවා ගැනීමට සහ ශ්‍රී ලංකාවේ වඩාත්ම අවදානමට ලක්විය හැකි කණ්ඩායම්වලට සහාය වීමට උපකාරී වනු ඇත.“

ඒ අනුව ශ්‍රී ලංකා රජයේ 2025 අයවැය යෝජනා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පරාමිතීන්ට කොපමණ ආකාරයකින් අනුකූල වන්නේද යන්න වග තීරණය කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය එළඹෙන පෙබරවාරි 28 දින රැස්වීමට නියමිතය. එහිදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන තුන්වන සමාලෝචනයට අනුමැතිය ලැබුණහොත් අමෙරිකානු ඩොලර් මිලියන 333ක පමණ මූල්‍ය පහසුකමක් සඳහා ශ්‍රී ලංකාවට ප්‍රවේශය හිමිවනු ඇත. එම ප්‍රවේශය හිමිවීමත් සමඟම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 3ක් පමණ වන විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට ලැබෙන අරමුදල් ප්‍රමාණය ඩොලර් මිලියන 1,333 ක් දක්වා ඉහළ යනු ඇත..” යනුවෙන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46