AFC Banner
AFC Banner
Empty Ad

නාමල් රාජපක්ෂට අධිචෝදනා භාරදෙයි (වීඩියෝ)

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද (18) කොළඹ මහාධිකරණයේ දී අධිචෝදනා භාර දී තිබෙනවා.

නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ මෙම අධිචෝදනා පත්‍ර මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ භාරදීම සිදුකළ බවයි දසත අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

එලෙස අධිචෝදනා භාරදීමෙන් අනතුරුව ඔහුව රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ මිලියන දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමටයි නියෝග කළේ.

එම නඩුව ලබන මාර්තු 27 වනදා කැඳවීමටයි විනිසුරුවරයා දින නියම කරනු ලැබුවේ.

රගර් ක්‍රීඩාවේ ප්‍රවර්ධනය සඳහා ක්‍රිෂ් නැමැති ඉන්දීය සමාගමෙන් ලබාගත් මිලියන 70ක මුදලක් අවභාවිත කිරීමේ චෝදනාව මත මන්ත්‍රී නාමල් රාජපක්ෂට මෙම නඩුව පවරා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?