හිටපු සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙක්වන කොස්ගොඩ තාරකගේ සහ කොස්ගොඩ දිල්ෂාන් නැමැති අයගේ අනුගාමිකයෙක් ලෙස කටයුතු කරන මතිෂ කන්කානම්ගේ නන්දික නිමන්ත ජයසේකර නොහොත් ‘අහුංගල්ලේ ඩිංගිරියා’ නැමැති පුද්ගලයෙකු ඊයේ (17) පස්වරුවේ කළුතර අපරාධ කොට්ඨාශය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ගිනි අවියක් සහ උණ්ඩ 17ක් ද සොයා ගැනීමට හැකි වූ බවයි පොලිසිය සඳහන් කළේ.
පොලිසිය ලැබුණු තොරතුරක් මත වැලිපැන්න පොලිස් වසමේ කැප්පෙටිගහලන්ද ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයක් අසල බෑගයක් ද සමඟ සිටි පුද්ගලයකු පරීක්ෂා කිරීමේ දී ඔහු සන්තකයේ තිබී මෙම ගිනි අවියක් සහ උණ්ඩ සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.
මෙම සැකකරු කිසියම් අපරාධයක් සිදුකිරීමට ගිනි අවිය සමඟ වැලිපැන්න, කැප්පෙටිගහලන්ද ප්‍රදේශයට පැමිණ ඇති බවට සැකකරන බවයි කළුතර අපරාධ කොට්ඨාසය පැවසුවේ.
සැකකරු මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඉදිරි විමර්ශන සඳහා රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිතයි.


