ඉහළ යන කොවිඩ් මරණ ගැන තවත් අනාවරණයක්

මෙරට වැඩිම මරණ ඊයේ (07) වාර්තා වූයේ පසුගිය සතිය තුළ සිදුවූ මරණ සංඛ්‍යාව 86ක් දක්වා ඉහළ නංවමිනි. 

ගෙවුණු දින කිහිපයේ මෙරටින් වාර්තා වන කොවිඩ් මරණ ගණන ක්‍රමයෙන් ඉහළ ගියේ කොවිඩ් ව්‍යාප්තියේ බරපතළකම තවදුරටත් පෙන්නුම් කරමිනි.

මෙරටින් ඊයේ දිනයේ කොවිඩ් මරණ 19ක් වාර්තා විය.

එම මරණ 19  දිස්ත්‍රික්ක 12කින් වාර්තාවීම ද විශේෂත්වයකි.

මරණකරුවන් අතර කාන්තාවන් 8 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 11 දෙනෙකු විය.

ඔවුන් සුනන්දපුර, ඉලවාලෛ, කෝන්ගහවෙල, රත්මලාන,දෙහිඅත්තකණ්ඩිය, බදුල්ල, මයිලගස්තැන්න, වාද්දුව, කොල්ලුපිටිය, රද්දොළුගම, රාගම, පෝද්දල, අලපලාදෙණිය, අඟුලුගහ, හික්කඩුව, නුවරඑළිය, හාවාඑළිය, අනුරාධපුර යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

ඒ අතර පදිංචිය සඳහන් නොවන 68 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇත්තේ වැලිකඩ බන්ධනාගාරය තුළදීය.

මියගිය බොහෝ දෙනෙකුගේ මරණවලට හේතුව වී තිබුණේ කොවිඩ් නිව්මෝනියාවය.

ඊයේ දින වර්තා වූ මරණ සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 764 ක් දක්වා ඉහළගොස් තිබුණි.

මෙම සමස්ත කොවිඩි මරණ අතරට පිරිමි පුද්ගලයන් 476ක් හා කාන්තාවන් 288ක් එක්ව ඇත.

වයස් කාණ්ඩ අනුව ඉන් 47.13%ක්ම වයස අවුරුදු 71ට වැඩි පුද්ගලයන් වන අතර එම සංඛ්‍යාව 354කි.

කොවිඩි හේතුවෙන් මරණයට පත්වු 196 දෙනෙකු වයස අවුරුදු 61 ත් 70ත් අතර විය. ප්‍රතිශතයක් ලෙස එය 26.09% කි.

14.11%ක් වයස අවුරුදු 51 ත් 60ත් අතර පසුවන අතර එම සංඛ්‍යාව 106කි.

41ත් 50ත් අතර මරණ 62 ක් වර්තා වී ඇති අතර එය සමස්ත සංඛ්‍යාවෙන් 8.24%කි.

වයස අවුරුදු 31ත් 40ත් අතර කොවිඩ් මරණ 22ක් වර්තා වී ඇති අතර එහි ප්‍රතිශතය 2.92%ක් ලෙස සටහන්ව තිබේ.

වයස 10ත් 30ත් අතර කොවිඩ් මරණ 10ක් මෙරටින් වර්තා වී ඇති අතර එහි ප්‍රතිශතය 1.33% කි.

වයස අවුරුදු 09ට අඩු එක් මරණයක් පමණක් මෙරටින් වර්තා වී තිබුණි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56