කැනඩාවේ, ටොරොන්ටෝ පියර්සන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබෑම සඳහා පැමිණි ගුවන් යානයක් අනතුරට ලක්ව තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කරන්නේ යානය ගොඩබෑමට යාමේදී හිම කුණාටුවකට හසුවී එය ගුවන් පථය තුළ පෙරළී ගොස් ඇති බවයි.
මෙම අනතුර සිදුවන අවස්ථාවේ මගීන් 76 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ සිව්දෙනෙකු එහි සිට ඇති අතර; අනතුරින් යානයේ සිටි 17 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරෙන් පසු ටොරොන්ටෝ ගුවන්තොටුපළ තාවකාලිකව පය කිහිපයක් වසා දැමීමට කටයුතු කළ අතර, මේ වනවිට යලිට්‍ර්හ් එහි මෙහෙයුම් කටයුතු අරඹා ඇති බවයි වාර්තා වුණේ.
කෙසේ වෙතත් ධාවන පථ දෙකක් තවමත් වසා දමා ඇති අතර, එය මෙහෙයුම්වලට තරමක බලපෑමක් එක්ක කර තිබෙනවා.
ඩෙල්ටා ගුවන් සේවයට අයත් මෙම යානය මිනියාපෝලිස් ගුවන් තොටුපොළේ සිට පියර්සන් ගුවන් තොටුපොළ දක්වා පැමිණි යානයක් බව සඳහන්.