පුද්ගලික අංශයේ සේවකයින්ගේ දැනට පවතින අවම මාසික වැටුප 21,000 සිට 2025 අප්‍රේල් මස සිට 27,000ක් ලෙසත් ඉහළ නංවා තිබෙනවා.
ජනාධිපතිවරයා නව අයවැය ප්‍රකාශනය ඉදිරිපත් කරමින් දැනුම්දුන්නේ එම වැටුප් ප්‍රමාණය 2026 වසරේ සිට රුපියල් 30,000ක් දක්වා ඉහළ දැමීමටත් යෝජනා කරන බවයි.
2025 වසරේ වැටුප් වැඩිවීම සඳහා රුපියල් බිලියන 110ක් වෙන් කර තිබෙනවා.
රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරීත්ව සඳහා නව නීති සම්පාදනය කිරීමට ද පියවර ගෙන ඇති අතර 2020 ජනවාරි පළමු වැනිදාට පෙර විශ්‍රාම ගිය සියලු විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප අදියර තුනකින් වැඩි කෙරෙනු ඇති.
වතු කම්කරුවන් වෙනුවෙන් දැනට යෝජනා වී ඇති රුපියල් 1700ක දෛනික වැටුප ලබාදීම සඳහා ද රජය මැදිහත් වන බවයි ජනාධිපතිවරයා පැවසුවේ.