මේජර් නිලයෙන් පහළ සියලුම යුද හමුදා සාමාජිකයින්ගේ පාස්පෝට් හමුදා භාරයට

යුද හමුදාවේ මේජර් තනතුරට පහළ සියලුම සෙබළුන්ගේ විදෙස් ගමන් බලපත්‍ර තමන් අයිති රෙජිමේන්තු මධ්‍යස්ථාන භාරයේ තබන ලෙසට නියෝග කර තිබෙනවා.

පරිපාලනමය කටයුතු පහසුකර ගැනීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි යුද හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් වරුණ ගමගේ සඳහන් කළේ.

බොහෝ සෙබළුන් දුර පළාත්වල රාජකාරී සිදුකරන අතර, හදිසියේ විදෙස් පුහුණුවීම්වලට යැවීමේ දී සහ සාම සාධක බළකා සඳහා විදෙස් ගත කිරීමේ දී ඇතිවන ගැටලුකාරී තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා මෙම ක්‍රමවේදය ආරම්භ කර ඇති බවයි ඔහු පැවසුවේ.

මෙම තීරණයත් සමඟ ඇතැම් යුද හමුදා සාමාජිකයින් විවිධ අපරාධයන් සිදුකර රටින් පලායාමේ සිදුවීම ද අවමවන බවයි අප කළ විමසීමක දී මාධ්‍ය අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ අතර එම විදෙස් ගමන් බලපත්‍ර සුරක්ෂිතව තබාගැනීම හා සුදුසු ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක කිරීමේ බලය රෙජිමේන්තු මධ්‍යස්ථානවල අණදෙන නිලධාරීන්ට පවරා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
23
+1
1
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?