පෙම්වතිය බලා එද්දී සිදු වූ අනතුරෙන් තරුණයා මරුට

බණ්ඩාරගම – ගම්මන්පිල වැව අසළ දී මෝටර් රථයක් අනතුරට ලක්ව තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද (16) අලුයම සිදු වූ මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බණ්ඩාරගම, අඳුන්වැන්න ප්‍රදේශයේ පදිංචිව සිටි වෙළෙඳ නාවිකයෙකු ලෙස රැකියාව කළ 26 හැවිරිදි තරුණයෙක්.

මෙම තරුණයා බණ්ඩාරගම, වෑවිට ප්‍රදේශයේ සිය පෙම්වතියගේ නිවසට ගොස් යළි නිවස බලා පැමිණෙමින් සිටි දී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි බවයි වාර්තා වුණේ.

මොහු ගමන්ගත් මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටී අඩි 15ක් පමණ වූ බෑවුමකට පෙරළී ගොස් මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් පසු මෝටර් රථයේ සිරවී සිටි තරුණයා ඉන් පිටතත ගෙන රෝහල් ගත කිරීමට කටයුතු කළත් ඒ වන විටත් ඔහු ජීවිතක්ෂයට පත්ව තිබූ බවයි වාර්තා වුණේ.

මෝටර් රථය පැදවූ තරුණයාට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවයි පොලිසිය සැක පළ කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32