හමාස් භාරයේ සිටි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් තිදෙනෙකුට නිදහස

ගාසා තීරයේ සටන් විරාමය සම්බන්ධයෙන් දින ගණනාවක් පුරා පැවති භීතියෙන් පසු හමාස් සංවිධානය ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් තිදෙනෙකු අද (15) නිදහස් කර තිබෙනවා.

ඊශ්‍රායල-රුසියානු ජාතික ඇලෙක්සැන්ඩර් ට්‍රවුෆනොව්, ඊශ්‍රායල-ආර්ජන්ටිනා ජාතික යායර් හෝන් සහ ඊශ්‍රායල-ඇමරිකානු ජාතික සගුයි ඩෙකෙල්-චෙන් යන ප්‍රාණ ඇපකරුවන් මෙලෙස නිදහස් කර ඇති බවයි වාර්තා වන්නේ.

එලෙස නිදහස් කළ ප්‍රාණ ඇපකරුවන් මේ වනවිට ඊශ්‍රායලයට පැමිණ ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මේ අතර ඊශ්‍රායලය විසින් පලස්තීන සිරකරුවන් 369 දෙනෙකු ආපසු නිදහස් කරන බවයි නිවේදනය කර ඇත්තේ.

කෙසේ වෙතත් සටන් විරාමය උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් ඊශ්‍රායලයට දොස් පවරා මෙම සති අන්තයේ ප්‍රාණ ඇපකරුවන් නිදහස් නොකරන බවයි හමාස් සංවිධානය පසුගිය සදුදා පවසා තිබුණේ.

මේ අතර ඊශ්‍රායල වේලාවෙන් සෙනසුරාදා මධ්‍යහ්නය වන විට ප්‍රාණ ඇපකරුවන් නිදහස් නොකළහොත්, ගාසා තීරයට නැවත ප්‍රහාර එල්ල කරන බව ඊශ්‍රායලය අනතුරු අඟවනු ලැබුවා.

එම අනතුරු ඇඟවීම් මාධ්‍යයේයි හමාස් සංවිධානය මෙම ප්‍රාණ ඇපකරුවන් තිදෙනා අද නිදහස් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:13
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01
Video thumbnail
පරණ ජරා පාර්ලිමේන්තුවම මෙතන හැදුවා - බිමල් රිදෙන්නම දෙයි
05:46
Video thumbnail
අපි තීන්දු ගන්නේ හොරුන්ව ආරක්ෂා කරන්න නෙමෙයි
02:52
Video thumbnail
හාමුදුරුවරුන් - නාමල්ව වටකරගෙන උපදෙස් දෙයි.."දැන් ඕනේ රටට වැඩකරන නායකයෙක්"
01:30
Video thumbnail
හර්ෂගේ කතාවට ලක්මාලි උත්තර දෙයි
06:03