ශ්‍රී ලංකාවෙන් ඔස්ට්‍රෙලියාවට තීරණාත්මක ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 282ක දැවැන්ත ඉලක්කයක්

සංචාරක ඔස්ට්‍රෙලියානු ක්‍රිකට් කණ්ඩායම සමග අද (14) ආරම්භ වූ දෙවැනි සහ අවසන් එක්දින තරගය ජයග්‍රහණය කිරීමට සංචාරකයින්ට ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ලකුණු 282ක ඉලක්කයක් හිමිවුණා.

අද තරගය පෙරවරු 10ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා නායක චරිත් අසලංකට හිමිකර දෙමින්.

ඒ අනුව අසලංක තීරණය කළේ පළමු ව අභියෝගාත්මක ලකුණු පුවරුව නිර්මාණය කිරීමේ වගකීම සිය කණ්ඩායමට ලබා ගැනීමටයි.

නායකයාගේ තීන්දුවෙන් පිටියට ආරම්භක පිතිකරුවන් ලෙස පැතුම් නිස්සංක සමගින් නිශාන් මධුෂ්ක පැමිණියා.

කවදත් ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ගේ පැතුම වූ පැතුම් නිස්සංකට අද දිනයේදිත් සාර්ථක ලකුණකට පිවිසෙන්නට ආරෝන් හාඩි ඉඩකඩ දුන්නේ නැහැ.

පැතුම් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 15 වන විට දැවී ගියේ ලකුණු 06ක් අතැතිව සිටියදියි.

දෙවැනි කඩුල්ල ලෙස නිශාන් මධුෂ්ක ලකුණු 51ක් ලබා සිටියදී Dwarshuisගේ පන්දුවක් හමුවේ දැවී ගියා.

ඒ එතෙක් කුසල් මෙන්ඩිස් සහ නිශාන් අතර ගොඩනැගී තිබූ ලකුණු 98ක සබඳතාවට තිත තබමින්.

කෙසේවෙතත් ඇතැම් විටෙක ප්‍රහාරාත්මක ඉනිමක් දියත් කරමින්, තවත් විටෙක ඉවසුම්කාරී ඉනිමක් පෙන්නුම් කරමින් කුසල් මෙන්ඩිස් සිය 05 වැනි එක්දින ශතකය වාර්තා කරගත්තේ කොළඹ ආර්. ප්‍රේමදාස තණතිල්ල මත ඔහු ලැබූ කුළුදුල් ශතකය බවට පත් කරගනිමින්.

මෙන්ඩිස් පන්දු 113ක දී ලකුණු 100ක් ලබාගත්තේ අනර්ඝ හතරේ පහර 11ක් ද සමගින්.

අවාසනාවකට එල්ල කළ පහර මැතිව් ශෝට් විසින් රැකගනු ලැබීමත් සමග කුසල් මෙන්ඩිස්ගේ ඉනිම නිමාවට පත් වන්නේ ලකුණු 101ක් අතැතිව සිටියදියි.

කෙසේවෙතත් යළි යළිත් එක්දින නායකත්වය අකුරටම ඉටු කරමින් නායක චරිත් අසලංක පළමු තරගයේ මෙන් ම විශිෂ්ට ඉනිමකට අවතීර්ණ වෙමින් සිය 15 වැනි එක්දින අර්ධ ශතකය ද අද ලබාගත්තා.

චරිත් අසලංක තරගයේ ඉනිම අවසන් වන විට පන්දු 66කට නොදැවී ලකුණු 78ක් ලබා සිටියා.

ඒ දැවැන්ත හයේ පහර 03ක් සහ හතරේ පහර හයක් ද සමගින්.

නායකයාට අනෙක් අන්තයේ සිට අත් වාරුවක් සපයමින් ජනිත් ලියනගේ ද ප්‍රවේගකාරී ඉනිමක් දියත් කළා.

ජනිත් සහ අසලංක අතර 05 වැනි කඩුල්ලට ගොඩනැගුණු ලකුණු සබඳතාව ලකුණු 94ක්.

ජනිත් ලියනගේ පන්දු 21කට ලකුණු 32ක් නොදැවී රැස් කරන විට ඔහුගෙන් ඉනිම වෙනුවෙන් හතරේ පහර 06ක් සහ හයේ පහර 02ක් එල්ල වී තිබුණා.

කඩුලු බිඳ දැමීමේ දී ඔස්ට්‍රෙලියාව වෙනුවෙන් බෙන්, සම්පා, හාඩි සහ ඇබොට් එක් කඩුල්ල බැගින් බිඳ හෙලුවා.

ඔස්ට්‍රෙලියාව සහ ශ්‍රී ලංකාව අතර අද පැවැත්වෙන්නේ 106 වැනි එක්දින තරගය වන අතර අද තරගය ජයග්‍රහණය දෙපිළටම තීරණාත්මක වනවා.

ඊට හේතුව මේ වනවිට ද ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය තරග 1-0ක් ලෙස ජයගනිමින් ඉදිරියෙන් සිටින නිසාවෙන්.

ශ්‍රී ලංකාව මෙම තරගය ජයගතහොත් ඔවුන් සිය මව්බිමේ දී ප්‍රබල ඔස්ට්‍රෙලියාව පැරදූ 20 වැනි එක්දින තරගාවලිය ද මෙය වනු ඇති.

කෙසේවෙතත් ශ්‍රී ලංකාවෙන් ඔස්ට්‍රෙලියාවට ජයග්‍රහණය සඳහා ලකුණු 282ක දැවැන්ත ඉලක්කයක් මේ වනවිට හිමි ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"සර්වජනයේ ටිකිරිලියා ටැප් කඩන්න කොළඹ ගියා"."අවු:15කින් මම ඔය පැත්තට ගිහින්වත් නෑ.."හෙන්චයියන්ම කඩලා
07:52
Video thumbnail
කරාම කැඩුවේ නාමල්ගේ පක්ෂයේ තරුණයෙක්ද ?පසන් සාක්ෂි එක්කම හෙළිකරයි
10:46
Video thumbnail
ඉන්ධන මිල සංශෝධනය තීරණය කරන්නේ ට්‍රම්ප් තමයි..අනවශ්‍ය ඉන්ධන පරිහරණය නිසා මිල වැඩි වුණේ
03:13
Video thumbnail
වරම ගත්තට පස්සේ කාන්තාරයක් පෙන්නන්න එපා..අපි වැඳි බණද කිව්වේ ? මොකුත් කළේ නැද්ද ?
06:13
Video thumbnail
පාස්කු ඉරිදා සිද්ධිය ගැන ඇස් උඩයන හෙළිදරව්වක් මෙන්න.. විනාශ කරන නායකයින් ඉන්නේ මේ ආණ්ඩුව ඇතුළේ
12:24
Video thumbnail
අද රෑ ඉදන් QR එක නැතුව ජනතාවට පෙට්‍රල් ගහන්න පුළුවන්..ඩීසල්වලට සහනයක් ලැබෙන්නේ නැහැ
04:52
Video thumbnail
ආණ්ඩුව සිංහ හමක් පොරවගත්ත බැටළුවෝ වුණා..මුන් ටික ඔක්කෝටම වැඩිය හපන්
05:59
Video thumbnail
අකුරැස්සේ OIC පාසල් දරුවන්ට කියලා දුන්න පාඩම.."අම්මා දෙයක් කරන්න එපා කිව්වොත් කරන්න එපා දරුවනේ"
05:14
Video thumbnail
බස් නැවතුම්පොළේ වැටුණ දුරකථනය තරුණයාටම ලබාදුන් පොලිස් නිලධාරින්..තරුණයාගේ මුහුණේ තියෙන ඒ සතුට
01:17
Video thumbnail
බැස්ටියන් මාවතේ සිට ගාල්ල දක්වා අලුතෙන් බස්රථ සේවාවක්.."ඇත්තටම මේක පහසුයි..කරපු අයට ස්තූතියි"
04:36