AFC Banner
AFC Banner
Empty Ad

ජනපති යළි දිවයිනට – ආයෝජන ආරක්ෂණ සහ ප්‍රවර්ධන ගිවිසුමකටත් අත්සන් තැබෙයි (වීඩියෝ)

එක්සත් අරාබියේ එමීර් රාජ්‍යයේ පැවැති 2025 ලෝක රාජ්‍ය සමුඵවට සහභාගී වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (13) පෙරවරුවේ දිවයිනට පැමිණියා.

එක්සත් අරාබියේ එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙදින සංචාරය සඳහා එක් වුණා.

මෙම සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානයක මහතා, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූ අතර එමගින් දෙරට අතර ක්ෂේත්‍ර ගණනාවක සහයෝගීතාව වර්ධනය කර ගැනීමට හැකි වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

ශ්‍රී ලංකාවට ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා තොරතුරු තාක්ෂණය, කෘත්‍රිම බුද්ධිය, බලශක්ති , සංචාරක, මූල්‍ය සහ ජනමාධ්‍ය යන අංශවල ප්‍රමුඛ පෙළේ ගෝලීය සමාගම්වල විධායක නිලධාරීන් ගණනාවක් සමඟ ද ජනාධිපතිවරයා සමග සාකච්ඡා පැවැත්වුවා.

ජනාධිපතිවරයාගේ තෙදින සංචාරයට සමගාමීව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මුදල් අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාව අතර ආයෝජන ආරක්ෂණ සහ ප්‍රවර්ධන ගිවිසුමකට ද අත්සන් තැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?