පන්දුවක් හිසේ වැදී තුවාල සිදු වූ අනතුරට රචින්ට ම දොස්

පාකිස්ථානය, දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය අතර තුන්කොන් එක්දින තරගාවලිය අරඹමින් පැවති පළමු තරගයේ දී නවසීලන්ත ක්‍රීඩක රචින් රවීන්ද්‍ර පන්දුවක් හිසේ වැදීමෙන් ආබාධයට ලක් වුණා.

ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය අතර තුර; රචින් රවීන්ද්‍ර ආබාධයට ලක්වුණේ ක්‍රීඩාංගණය පැවති දුර්වල ආලෝක තත්ත්වය නිසා බවයි ඇතැමුන් චෝදනා කර සිටියේ.

ගඩාෆි ක්‍රීඩාංගණයේ ආලෝක තත්ත්වයේ පැවති දුර්වලතාව හේතුවෙන් රචින් රවීන්ද්‍රට පන්දුව පැමිණෙන මාවත හරි හැටි නිශ්චය කර ගැනීමට නොහැකිවීම නිසා ඔහුගේ හිසේ පන්දුව වැදී තුවාල වූ බවයි ඇතැම් පිරිස් පැවසුවේ.

පාකිස්ථාන ක්‍රිකට් ක්ෂේත්‍රයේ ඇතැම් ප්‍රධාන නම්, ක්‍රීඩාංගනයේ LED ආලෝක පද්ධතියේ යම් ගැටළුවක් ඇති කරන බවට පිළිගත්තද, තවත් සමහරු එය ප්‍රතික්ෂේප කරමින් එම අනතුරට රාචින්ට ම දොස් පවරා සිටියා.

සිද්ධියෙන් පසු පාකිස්ථාන ක්‍රිකට් මණ්ඩලයට එල්ල වෙමින් පවතින විවේචන නොසලකා හැරිය පිරිසෙන් එක් අයෙක් ලෙස
පාකිස්ථාන හිටපු නායක සල්මන් බට් පෙරමුණේ සිටිනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය ඔහුගෙන් විමසීමේ දී සඳහන් කළේ මෙවැන්නක්,

“මිනිස්සුන්ට අවශ්‍ය නැති වෙලාවට තේරුම් කරලා දෙන්න උත්සාහ කරන එකේ තේරුමක් නෑ. ඒක අදාළ නෑ. මේවට සවිකරලා තියෙන්නේ අලුත්ම LED ලයිට්, ඒ නිසා මේවා හොඳයි. නවසීලන්ත ක්‍රීඩකයෝ පැයට කිලෝමීටර් 150කට ආසන්න වේගයෙන් යවන පන්දුවලට හයේ පහරවල් එල්ල කරනකොට ඒ ලයිට් වැඩ කළේ නැද්ද ?, මීටර් 70ක් ඈතින් හිටගෙන හිටපු ක්‍රීඩකයෙක් වැරදි විනිශ්චයක් නිසා උඩපන්දුව අල්ලගන්න බැරි වුණා. ඔහු දක්ෂ පන්දු රකින්නෙක්, නමුත් සමහරවිට ඔහුගේ කකුල ලිස්සලා ගිහින් මෙම අනතුර සිදුවෙන්න ඇති.”

මේ අතර අනතුරින් සිදු වූ තුවාලය හේතුවෙන් තරගාවලියේ දකුණු අප්‍රිකාව සමඟ ඊයේ (10) පැවති තරගය සදහා රචින් එක් නොවූ අතර ඔහු වෙනුවට ඩෙවොන් කොන්වේ නවසීලන්ත කණ්ඩායමට කැඳවා තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18