AFC Banner
AFC Banner
Empty Ad

අලුතින් යුග දිවියට පිවිසෙන අයට ගෙයක් හදාගන්න රජයෙන් ණයක්

අලුතින් යුග දිවියට පිවිසෙන යුවළ සඳහා නිවසක් තනාගැනීමට ණය මුදලක් ලබාදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ, සම්බන්ධයෙන් වන යෝජනාවක් මෙවර අයවැය යෝජනා සඳහා එක්කර ඇති බවයි නාගරික සංවර්ධන, ඉදිකිරිම් හා නිවාස සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ආරියරත්න සඳහන් කළේ.

එලෙස නිවසක් තනාගැනීම සඳහා ලබාදෙන මුදල පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නොමැති අතර, රාජ්‍ය සහ පුද්ගලික බැංකු සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා සිදුකරමින් පවතින බව ද ලේකම්වරයා අප කළ විමසීමක දී සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?