NGO ගැන හොයන්න නාමල් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි

රට තුළ ක්‍රියාත්මක වන ලියාපදිංචි සහ ලියාපදිංචි නොකළ රාජ්‍ය නොවන සංවිධාන (NGO) සහ ඒවාට අරමුදල් සපයන්නේ කවුරුන්ද යන්න හඳුනා ගැනීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කළ යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ යෝජනා කරනවා.

මේ සම්බන්ධයෙන් තමන් පාර්ලිමේන්තුවේ කතානායකවරයාට ලිපියක් මඟින් දැනුම්දීමට කටයුතු කරන බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

සිය නිල එක්ස් ගිණුමේ සටහනක් තබමින් නාමල් මන්ත්‍රීවරයා මේ බව සදහන් කර තිබෙනවා.

එලෙස පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට කටයුතු කළ හොත් ඊට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය ද ලබාදෙන බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

2009 දී ශ්‍රී ලංකාව යුද්ධය අවසන් කළ දා සිට, දරිද්‍රතාවයෙන් පෙළෙන ප්‍රදේශවල ජීවනෝපායන් ශක්තිමත් කිරීම හෝ යුද්ධයෙන් නැවත පදිංචි කිරීම සඳහා කටයුතු කරන මුවාවෙන් රට තුළ ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාත්මක වන බවයි මන්ත්‍රීවරයා අදාළ එක්ස් සටහනේ සඳහන් කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14