රට පුරා සිදුව ඇති හදිසි විදුලිය බිඳවැටීම සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කිරීමට තවත් පැය කිහිපයක් ගතවනු ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.
පානදුර ග්‍රිඩ් විදුලි උපපොළේ ට්‍රාන්ස්ෆෝමරයකට වඳුරෙක් වැටීමෙන් එම විදුලි උපපොළේ ඇති වූ හදිසි තත්ත්වයක් හේතුවෙන් මෙලෙස දිවයින පුරා විදුලිය බිඳවැටීක් සිදුව ඇති බවයි බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි සඳහන් කළේ.
කෙසේ වෙතත් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය මෙම තත්ත්වය “පානදුර උපපොළේ හදිසි අවස්ථාවක්” ලෙස නිවේදනය කළා.
පානදුර ග්‍රිඩ් විදුලි උපපොළේ එම ගැටලුවත් සමඟ ජාතික විදුලි සැපයුම් පද්ධතියේ ඇති වූ අසමතුලිතතාවක් හේතුවෙන් දිවයින පුරා විදුලි සැපයුම බිඳවැටුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1