ක්‍රිෂ් ගොඩනැගිල්ලේ ගින්න ගැන පොලිසිය රස පරීක්ෂක වාර්තාව අපේක්ෂාවෙන්

කොළඹ, කොටුවේ පිහිටි ක්‍රිෂ් ගොඩනැගිල්ල ඊයේ (07) පස්වරුවේත් හදිසි ගිනි ගැනීමකට ලක් වුණා.

එම ගොඩනැගිල්ලේ 24 වන මහල ඊයේ දිනයේ මෙලෙස ගිනි ගැනීමකට ලක් වූ අතර, එම ගින්න පාලනය සඳහා ගිනි නිවීමේ රථ හයක් යෙදවීමටයි කටයුතු කර තිබුණේ.

එමෙන්ම පෙරේදා දිනයේදීත් ක්‍රිෂ් ගොඩනැගිල්ලේ 35 වන මහලේ ගින්නක් හටගත් අතර එය නිවා දැමීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදු වුණා.

මේ අතර ගින්න සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාවක් කඩිනමින් අපේක්ෂා කරන බවයි පොලිසිය සඳහන් කළේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී.මනතුංග සඳහන් කළේ එම ගොඩනැගිල්ල තුළ අනවසරයෙන් රැඳී සිටි පුද්ගලයින් ඉන් ඉවත් කිරීමට මේ වනවිට කටයුතු කර ඇති බවයි.

එමෙන්ම එම ගොඩනැගිල්ල තුළ අකටයුතුකම් හෝ කඩාකප්පල්කාරී ක්‍රියා සිදුවන්නේ නම් ඒවා වැළක්වීම සඳහා පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46