ක්‍රිෂ් ගොඩනැගිල්ලේ ගින්න ගැන පොලිසිය රස පරීක්ෂක වාර්තාව අපේක්ෂාවෙන්

කොළඹ, කොටුවේ පිහිටි ක්‍රිෂ් ගොඩනැගිල්ල ඊයේ (07) පස්වරුවේත් හදිසි ගිනි ගැනීමකට ලක් වුණා.

එම ගොඩනැගිල්ලේ 24 වන මහල ඊයේ දිනයේ මෙලෙස ගිනි ගැනීමකට ලක් වූ අතර, එම ගින්න පාලනය සඳහා ගිනි නිවීමේ රථ හයක් යෙදවීමටයි කටයුතු කර තිබුණේ.

එමෙන්ම පෙරේදා දිනයේදීත් ක්‍රිෂ් ගොඩනැගිල්ලේ 35 වන මහලේ ගින්නක් හටගත් අතර එය නිවා දැමීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදු වුණා.

මේ අතර ගින්න සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාවක් කඩිනමින් අපේක්ෂා කරන බවයි පොලිසිය සඳහන් කළේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී.මනතුංග සඳහන් කළේ එම ගොඩනැගිල්ල තුළ අනවසරයෙන් රැඳී සිටි පුද්ගලයින් ඉන් ඉවත් කිරීමට මේ වනවිට කටයුතු කර ඇති බවයි.

එමෙන්ම එම ගොඩනැගිල්ල තුළ අකටයුතුකම් හෝ කඩාකප්පල්කාරී ක්‍රියා සිදුවන්නේ නම් ඒවා වැළක්වීම සඳහා පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?