AFC Banner
AFC Banner
Empty Ad

විදුලිසැර වැදී ළමයෙක් මරු වැළඳගනී

පුලියන්කුලම පොලිස් වසමේ පලෙයිවාඩි ප්‍රදේශයේ දී විදුලිසැර වැදීමෙන් ළමයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (07) රාත්‍රියේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 07ක ළමයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

ළමයා ජල මෝටරයකට අදින ලද අනාරක්ෂිත විදුලි රැහැනක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි සිදුකරන ලද විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

මෘත ශරීරය වව්නියාව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, පුලියන්කුලම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?