ජනාධිපති අරමුදල අද සිට ගමට

ජනාධිපති අරමුදලේ සේවා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සැපයීම අද (07) දිනයේ සිට ආරම්භ කෙරෙනවා.

ඒ, අනුව දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 341ක ස්ථාපිත උප කාර්යාල මඟින් ජනාධිපති අරමුදලේ සේවා සැපයීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ජනතාවට වඩාත් ඵලදායි සේවාවක් සැපයීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක වනවා.

තෝරාගත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල 05ක නියමු ව්‍යාපෘතියක් ලෙස පසුගිය කාලයේ මෙය ක්‍රියාත්මක කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?