ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 257න් නවතියි

ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 257කට සීමා කරන්නට ඔස්ට්‍රෙලියානු පන්දු බලඇණිය සමත් වුණා.

ඒ අද (07) පෙරවරුවේ දී ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ඇරඹි වෝර්න් – මුරලි ටෙස්ට් කුසලානයේ අවසන් ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අරඹමින්.

ඊයේ දිනය නිමාවන විට කාසියේ වාසිය දිනා පළමු ඉනිම පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 09ක් බිඳ වැටී ලකුණු 229ක් ලබා සිටියා.

ඒ ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරමක් ලෙස සැලකෙන කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 59ක් ලබා සිටියිදයි.

කෙසේවෙතත් අද දිනයේ ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුල්ල ලෙස දැවී ගියේ ළහිරු කුමාර යි.

ඒ ලකුණු 07ක් ලබා සිටියදි කුහ්නමන් යොමු කළ පන්දුවක් හමුවේ යි.

කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 85ක් ලබා ගත්තා.

ඒ අනුව ඔස්ට්‍රෙලියාවට ශ්‍රී ලංකාවෙන් පළමු ඉනිම සඳහා ලකුණු 257ක ඉලක්කයක් හිමිවුණා.

කඩුලු බිඳ දැමීමේ දී මිචෙල් ස්ටාක් ලියෝන් සහ කුහ්නමන් කඩුලු 03 බැගින් බිඳ දැමුවා.

එක් කඩුල්ලක අයිතිය හිමිවූයේ ට්‍රැවිස් හෙඩ් හට යි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48