විදුලි සැර වැදී පුද්ගලයෙකු ජීවිතක්ෂයට

සෙවනගල පොලිස් වසමේ නෙලුම්වැව ප්‍රදේශයේ නිවසක අනවසරයෙන් ඇද තිබූ විදුලි රැහැනක ගැටී 31 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

මෙම අනතුර ඊයේ (06) දහවල් කාලයේ දී සිදු ව ඇති බවයි සෙවනගල පොලිසිය පැවසුවේ.

නෙලුම්වැව, සමගිපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මෙලෙස ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ මරණකරුගේ අසල නිවසේ අසනීප තත්ත්වයෙන් එක්තැන් වී සිටින තම මවට දිවා ආහාරය ලබාදීම සඳහා එම නිවසට ගිය අවස්ථාවේ නිවස තුළට සුනඛයන් පැමිණීම වැළැක්වීම සඳහා ඔහුගේ පියා විසින් නිවස තුළ අනවසරයෙන් අදින ලද විදුලි රැහැනක ගැටීමෙන් මෙම මරණය සිදුව ඇති බවට විමර්ශණයේ දී අනාවරණය වී ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46