ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ බේරේ වැවෙත් කුණු සේදෙයි

රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘Clean Sri Lanka’ වැඩසටහනේ තවත් එක් අදියරක් ලෙස ත්‍රිවිධ හමුදාව සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් කොළඹ මහ නගර සභාව, බස්නාහිර පළාත් කසළ කළමනාකරණ අධිකාරිය යන ආයතන හා එක්ව අද (06) දින උදෑසන කොළඹ බේරේ වැව සහ ඒ අවට පිරිසිදු කිරීමේ වැඩසටහනක් දියත් කරනු ලැබුවා.

කොළඹ නගර මධ්‍යයේ පිහිටා ඇති සුවිශේෂී ස්ථානයක් ලෙස සැලකෙන බේරේ වැව ප්‍රතිසංස්කරණය කොට එහි පවිත්‍රතාවය පවත්වාගෙන යාම මෙම විශේෂ වැඩසටහනේ ප්‍රධාන අරමුණයි.

එහි පළමු අදියරේදී විශේෂයෙන් ගංගාරාමය සීමාමාලකය ආශ්‍රිත ප්‍රදේශය පිරිසිදු කිරීමේ කටයුතු සිදු කෙරෙනවා.

කොළඹ නගරයේ පිහිටි සංචාරක ආකර්ෂණීය ස්ථාන අතුරින් ප්‍රමුඛ ස්ථානයක් ලෙස සැලකෙන ගංගාරාමය හා ඒ ආශ්‍රිත බේරේ වැව ප්‍රදේශය වෙත දිනපතා දේශීය හා විදේශීය සංචාරකයින් රැසක් පැමිණෙනු දැකිය හැකියි.

විශේෂයෙන්ම සන්ධ්‍යා කාලයේ දී මනස්කාන්ත දසුන් මවමින් හිරු බැස යන දර්ශනය නැරඹීමට බොහෝ පිරිසක් මෙහි පැමිණෙනවා.

ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ කරමින් ගංගාරාමය විහාරස්ථානයේ පැවති කෙටි සාකච්ඡාව සඳහා බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා මෙන්ම, ‘Clean Sri Lanka’ ව්‍යාපෘතියේ ජනාධිපති කාර්ය සාධක බළකාය, කොළඹ මහ නගර සභාව, පරිසර අමාත්‍යාංශය, බස්නාහිර පළාත් කසල කළමනාකරණ අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතන රැසක නිලධාරීන් සහ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය සහ ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය වැනි රාජ්‍ය නොවන ආයතනවල නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වුණා.

මේ යටතේ ක්‍රියාත්මක පිරිසිදු කිරීමේ මෙහෙයුම බේරේ වැවේ ප්‍රධාන කොටස් කේන්ද්‍ර කොට ගනිමින් විශේෂයෙන් නවම් මාවත, පෙරහැර මාවත සහ කොළඹ – මඩකලපුව ප්‍රධාන මාර්ග අවට ප්‍රදේශය ආවරණය කරනවා.

මෙම සාමූහික ප්‍රයත්නය මගින් ‘Clean Sri Lanka’ වැඩසටහනේ පුළුල් අරමුණු සමඟ අනුගත වෙමින් පරිසර සංරක්‍ෂණය සහ නාගරික අලංකරණය සඳහා ත්‍රිවිධ හමුදාවේ සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ කැපවීම ඉස්මතු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16