අරගලයෙන් සිදු වූ දේපොළ හානි යැයි පවසා වන්දි මුදල් අනීතිකව සූරා කෑ අය අතර පෙරමුණ කෙහෙළියට (වීඩියෝ)

2022 වර්ෂයේ අරගල සමයේ දී සිය දේපොළ හානි වූවා යයි පවසමින් රජයෙන් සූරා කෑ මහජන මුදල් සම්බන්ධයෙන් ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අද (06) පාර්ලිමේන්තුවේ දී විශේෂ හෙළිදරව්වක් සිදු කළා.

එහිදී එම අරගල කාලසීමාවේ දී මෙරට බලයේ සිටි මැති ඇමතිවරු සිය දේපොළ හානි වෙනුවෙන් මෙරට රජයෙන් සාමාන්‍යයෙන් ස්වාභාවික ව්‍යසනයක දී ලබාදෙන උපරිම මුදල වන රුපියල් ලක්ෂ 25 ද ඉක්මවා යමින් මුදල් ගසා කෑ හැටි පිළිබඳ ව අදාළ ප්‍රකාශයේ දී විස්තර කෙරුණා.

එහිදී ජනමාධ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ප්‍රබල යැයි පැවසෙන එවක හිටපු මැති ඇමතිවරු 43 දෙනෙකු රජයේ මුදල් සාපරාධී ව පරිහරණයට යොදාගෙන ඇති බවත් එහි සමස්ත වටිනාකම රුපියල් එකසිය විසිදෙකෝටි හතලිස් එක් ලක්ෂ තිස් හතරදහස් හත්සිය තිස් හතක් (කෝටි 122.41) බවයි.

එලෙස අරගලයෙන් තම දේපොළ හානි වූවා යැයි රජය හරහා තක්සේරු කරමින් වැඩිම මුදලක් ගෙන ඇති අමාත්‍යවරයා වන්නේ හිටපු සෞඛ්‍ය ඇමති වූ කෙහෙළිය රඹුක්වැල්ල වන අතර ඔහු රුපියල් 959000ක මුදලක් ගෙන තිබෙනවා.

ඊට අමතරව;

කපිල නුවන් අතුකෝරල – රුපියල් පන්ලක්ෂ හාරදහසක්, විමලවීර දිසානායක රුපියල් පන්ලක්ෂ පනස් දහසක්, ගීතා කුමාරසිංහ 972,000ක්, ජනක තිස්ස කුට්ටිආරච්චි එකොළොස් ලක්ෂ හතලිස් තුන්දහසක්, ගුණපාල රත්නසේකර දාහතර ලක්ෂ දොළොස් දහස් හත්සිය අසූවක්, ප්‍රේම්නාත් සී. දොළවත් ලක්ෂ 23ක්, ප්‍රියංකර ජයරත්න විසිතුන්ලක්ෂ හතළිස් අටදහසක්, ජයන්ත කැටගොඩ විසිඅටලක්ෂ දාහතර දහස් අටසියයක්, විමල් වීරවංශ විසිනවලක්ෂ පනස් හතරදහසක්, චන්න ජයසුමන තිස්තුන් ලක්ෂ තිස් හතරදහසක්, සමන්ප්‍රිය රත්නායක ලක්ෂ 125කට අධික මුදලක්, රෝහිත අබේගුණවර්ධන ලක්ෂ 116.4ක්, සීතා අරඹේපොළ ලක්ෂ 137.8ක්, ෂෙහාන් සේමසිංහ ලක්ෂ 185.1ක්, ඉන්දික අනුරුද්ධ රුපියල් ලක්ෂ 195.5ක්, රමේෂ් පතිරණ ලක්ෂ 281ක්, දුමින්ද දිසානායක රුපියල් ලක්ෂ 288ක්, කනක හේරත් ලක්ෂ 292ක්, ඩී.බී,හේරත් ලක්ෂ 321ක්, ප්‍රසන්න රණවීර ලක්ෂ 327ක්, ශාන්ත බණ්ඩාර ලක්ෂ 391ක්, එස්. එම්. චන්ද්‍රසේන ලක්ෂ 438ක්, සනත් නිශාන්ත රුපියල් ලක්ෂ 427ක්, සිරිපාල ගම්ලත් ලක්ෂ 509ක්, අරුන්දික ප්‍රනාන්දු ලක්ෂ 552ක්, සුමිත් උඩුකුඹුර ලක්ෂ 559ක් වනවා.

මීට අමතරව;
ප්‍රසන්න රණතුංග ලක්ෂ 561ක්
කෝකිලා ගුණවර්ධන ලක්ෂ 587ක්
මොහාන් පී. ද සිල්වා ලක්ෂ 601ක්
නිමල් ලන්සා ලක්ෂ 692ක්
අලි ස්බ්‍රි රහීම් ලක්ෂ 709ක්
ගාමිණී ලොකුගේ ලක්ෂ 749ක්

ජොන්ස්ටන් ප්‍රනාන්දු ලක්ෂ 934ක් සහ කෙහෙළිය රඹුක්වැල්ල ලක්ෂ 959ක් වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32