ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනයට ඇල්ලූ සැකකරුවන් තිදෙනෙකුව නිදහස් කරන්න පුළුවන් -නීතිපති (වීඩියෝ)

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතන සිදුවීම සම්බන්ධයෙන් කළ විමර්ශනවල දී අනාවරණය වූ තොරතුරු අනුව අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනකුට අදාළ ව තවදුරටත් නීතිය ක්‍රියාත්මක කිරීමට අදහස් නොකරන බවත්, ඔවුන් නිදහස් කළ හැකි බවත් නීතිපති පාරින්ද රණසිංහ විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට දැනුම්දී තිබෙනවා.

පසුගිය ජනවාරි 27 වැනිදා නීතිපතිවරයාගේ අත්සනින් යොමුකළ ලිපියක මේ බව සඳහන්.

ඊට අදාළ ලිපිය මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතිනවා.

මේ ලිපියේ ඇතුළත් කරුණු අදාළ නඩුව විභාග වන ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට වාර්තා කර, අධිකරණය මගින් ඒ සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග ලිපිය ලැබී දින 14ක් තුළ තමන්ට දැනුම් දෙන ලෙස ද එම ලිපියේ දැක්වෙනවා.

මෙසේ නිදහස් කළ හැකි බවට නීතිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ප්‍රේම් ආනන්ද උදලාගම, හෙට්ටිආරච්චිගේ දොන් තිස්සසිරි සුගතපාල සහ විතාරණ ආරච්චිගේ ප්‍රසන්න නානායක්කාර යන සැකකරුවන්.

යුද හමුදා බුද්ධි අංශයේ සාජන් මේජර්වරයකු වූ ප්‍රේම් ආනන්ද උදලාගම 2016 ජූලි 07 වැනි දින ගල්කිස්ස අතිරේක මහෙස්ත්‍රාත් ලෝචනා වීරසිංහ ඉදිරියේ දී ලසන්ත වික්‍රමතුංගගේ රියදුරා විසින් හඳුනාගනු ලැබුවා.

වික්‍රමතුංග ඝාතනයෙන් පසු නිහඬ ව සිටින ලෙස තර්ජනය කිරීමට තමන් ව පැහැරගෙන යන ලද්දේ උදලාගම විසින් බවට එම රියදුරා අධිකරණයේ දී ප්‍රකාශ කරනු ලැබුවා.

හෙට්ටිආරච්චිගේ දොන් තිස්සසිරි සුගතපාල යනු එවකට ගල්කිස්ස පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා යි.

ඝාතනයෙන් පසු ලසන්ත වික්‍රමතුංගගේ වැදගත් සටහන් රැසක් සහිත සටහන් පොත ඔහු භාරයට ගෙන තිබුණා.

නිදහස් කළ හැකි බව දැනුම් දී ඇති අනෙක් චූදිතයා වන්නේ එවකට ගල්කිස්ස ප්‍රදේශය භාර ව සිටි නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර යි.

ලසන්ත වික්‍රමතුංගගේ සටහන් පොත විනාශ කළ බවට චෝදනා එල්ල වී තිබෙන්නේ ඔහුට වන අතර පසුව එම සටහන් පොතේ ඡායා පිටපත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සොයාගැනුණා.

එම සටහන් අතර අවස්ථා රැසක දී තමන් ලුහුබැඳ පැමිණි යතුරුපැදිවල අංක ද වූ බව එම දෙපාර්තමේන්තුව මගින් අධිකරණයට වාර්තා කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26