AFC Banner
AFC Banner
Empty Ad

ආලන්කුඩා මුහුදු ප්‍රදේශයේ දී හොරෙන් ගෙනා වියළි ඉඟුරු හා පාවහන් තොගයක් සොයා ගැනේ

නොරොච්චෝලේ – ආලන්කුඩා මුහුදු ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රට තුළට රැගෙන ඒමට උත්සහා කළ වියළි ඉඟුරු කිලෝග්‍රෑම් 496ක පමණ තොගයක් සහ පාවහන් යුගල් 515ක පමණ තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරුණා.

නාවික හමුදා මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙරෙන ජාවාරම් ඇතුළු නීතිවිරෝධී ක්‍රියා මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම වැටලීම සිදු කෙරුණු බවයි.

වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය මගින් මෙම මෙහෙයුම සිදු කෙරුණා.

සැකකරුවන් වයස අවුරුදු 33ක් සහ 46 ක් වන කල්පිටිය ප්‍රදේශයෙහි පදිංචිකරුවන්.

නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් දෙදෙනා, වියළි ඉඟුරු තොගය, පාවහන් තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට නියමිත ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?