AFC Banner
AFC Banner
Empty Ad

තිස්නව ලක්ෂය ඉක්ම වූ විද්‍යුත් දුම්වැටි තොගයක් සොයා ගැනේ

රුපියල් තිස්නව ලක්ෂ තිස්දහසක් වටිනා විද්‍යුත් දුම්වැටි 262ක තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙනවිත්, කටුනායක ගුවන් තොටුපොළෙන් පිටකර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (04) දින අලුයම අත්අඩංගුවට ගනු ලැබුවා.

ඇය කොළඹ, දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පසුවන ව්‍යාපාරික කාන්තාවක්.

අද අලුයම 02.35 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට පැමිණි මැලේසියානු ගුවන් සේවයේ එම්. එච්.- 179 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත සැකකාරිණිය පැමිණ තිබෙනවා.

ඇය විසින් රැගෙන ආ ගමන් මළු තුළ උරා බොන වාර 12,000ක් (Smoking Shot) සහිත විද්‍යුත් දුම්වැටි 262ක් සඟවා ගෙන තිබියදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

මේ වනවිට ඇය පොලිස් ඇප මත මුදා හැර ඇති අතර එළඹෙන 07 වැනි දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?