AFC Banner
AFC Banner
Empty Ad

ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති හා නාවික හමුදාධිපති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති මියොන් ලී (Miyon LEE) මහත්මිය, නිල හමුවක් සඳහා ඊයේ (03) දින නාවික හමුදා මූලස්ථානයේ දී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාංචන බානගොඩ මහතා හමුවුණා.

මෙම නිල හමුවේ දී, ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපතිනිය විසින් 26 වැනි නාවික හමුදාධිපති වශයෙන් වැඩ භාරගත් වයිස් අද්මිරාල් කාංචන බානගොඩ වෙත සිය සුබාශිංසන පිරිනැමූ බවයි නාවික හමුදා මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.

ඉන් අනතුරුව, දෙරටේ සහයෝගීත්වය ඇතුළු ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහද පිළිසඳරක ද නිරත වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?