AFC Banner
AFC Banner
Empty Ad

අභිමානවත් 77 වන ජාතික නිදහස් දිනය අදයි

77 වන ජාතික නිදහස් දිනය අදට යේ දී තිබෙනවා.

“ජාතික පුනරුදයට පෙළගැසෙමු” යන්න මෙවර ජාතික නිදහස් දිනයේ තේමාවයි.

ජාතික නිදහස් දින සැමරුම් උත්සවය අද (04) පෙරවරුවේ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී අභිමානවත් ලෙස පැවැත්වීමට නියමිතව ඇත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්.

මෙවර නිදහස් දින සැමරුම් උළෙල අභිමානවත්ව සහ ඉතා චාම් අයුරින් පැවැත්වීම රජය අරමුණ වී තිබෙනවා.

ඒ, අනුව මෙවර නිදහස් දින සැමරුම් උළෙල වෙනුවෙන් දරණ පිරිවැය රුපියල් මිලියන 80ක් බවයි වාර්තා වන්නේ.

එමෙන්ම වැඩි ජනතා සහභාගිත්වයකින් යුතුව මෙවර නිදහස් දින උත්සවය පැවැත්වීමට කටයුතු කර තිබීම ද විශේෂත්වයක්.

මෙවර නිදහස් දින සැමරුම සඳහා යොදා ගන්නා ත්‍රිවිධ හමුදා සෙබළුන් සංඛ්‍යාව 40%කින් අඩුකර ඇති අතර, පෙළපාළිය සඳහා ත්‍රිවිධ හමුදා සන්නද්ධ රථ ආදිය යොදා නොගැනීමටත් තීරණය කර තිබෙනවා.

මේ අතර නිදහස් දින සමරුන් උළෙල පැවැත්වෙන අද (04) දිනෞඑ දී කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බවයි පොලිසිය සඳහන් කළේ.

එමෙන්ම ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් දහසකට වැඩි සංඛ්‍යාවක් යොදවා ඇති බව ද පොලිසිය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?