“පපුව අල්ලාගෙන බිම වාඩි වුණා..” – ශාරීරික අභ්‍යාසවල යෙදුණු හමුදා නිලධාරියා මරුට

අදාළ හමුදා නිලධාරියා ඊයේ උදෑසන 6.50 ට පමණ තවත් සෙබළෙකු සමගින් ශාරීරික අභ්‍යාසවල නියැළෙමින් සිටියදී, ගල්පාත රෝහල ආසන්නයේ ගමන් කරමින් සිටින විට පපුව අල්ලාගෙන බිම වාඩිවී ඇති බවත්, පසුව ගල්පාත ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර සිටියදී මියගොස් ඇති බවත් රෝහල් ප්‍රකාශකයකු සඳහන් කර සිටිනවා.

ශාරීරික අභ්‍යාසවල නියැලෙමින් සිටි හොරණ දොඹගොඩ යුද හමුදා නිලධාරියකු ඊයේ (06 දා) පෙරවරුවේ හදිසියේ අසනීපව මියගොස් ඇතැයි අඟුරුවාතොට පොලිසිය පවසනවා.

මෙසේ මියගොස් ඇත්තේ, හොරණ, දොඹගොඩ, යුද හමුදා යුද්ධෝපකරණ බළකායට අයත්ව රාජකාරි කරන කපිතාන් බී. උපාලි ආනන්ද නමැති මීරිගම, වල්බෝතලේ, මහින්ද මාවතේ පදිංචිව සිටි 51 හැවිරිදි යුද හමුදා නිලධාරියෙකුයි.

අදාළ හමුදා නිලධාරියා ඊයේ උදෑසන 6.50 ට පමණ තවත් සෙබළෙකු සමගින් ශාරීරික අභ්‍යාසවල නියැළෙමින් සිටියදී, ගල්පාත රෝහල ආසන්නයේ ගමන් කරමින් සිටින විට පපුව අල්ලාගෙන බිම වාඩිවී ඇති බවත්, පසුව ගල්පාත ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර සිටියදී මියගොස් ඇති බවත් සඳහන්.

පී.සීආර් පරීක්ෂණයක් සිදු කිරීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිත බැව් සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
01:52
Video thumbnail
බීඩි ගහපු සරත් දැන් විස්කි බිබී ගොවියට කසිප්පුකාරයාලු
01:03
Video thumbnail
මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙලා - ආණ්ඩුව නීතියට අත තියලා හොම්බෙන් යන්න ලෑස්තිවෙන්න
03:28
Video thumbnail
සලේගේ බිරිඳට අපි ගරු කරන්න ඕනි - පාස්කු ප්‍ර#රයේ පරීක්ෂණය ගැන ගොඩක් අය බලාගෙන ඉන්නේ
06:40
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිරුර සැඟවීමට උදව් කළ මිතුරා පොලිසියට රැගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞතික චිකිත්සකවරියගේ ඝා#නයේ සැකකරු, බිරිඳ සහ දරුවා පොලිසියට භාරදුන් අයුරු
02:13
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57
Video thumbnail
ඩයනා නඩුවට ඇවිත් කිව්ව අමුතු කතාව - මාව මහ මුහුදට තමයි දාන්න වෙන්නේ..මොක්කදෝ හුටපටයක්
01:59
Video thumbnail
ඔයත් කොරියාවට යන්න හීනමවන කෙනෙක්ද ?යන්න කළින් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න!..නීති වෙනස් වෙයි
02:55
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38