ඩිජිටල් ගෙවීම්වල නව යුගයක් සඳහා GovPay පෙබරවාරි 07 වැනිදා සිට

ඩිජිටල් ගෙවීම්වල නව යුගයක් සනිටුහන් කරමින් GovPay පෙබරවාරි 07 වැනි දින සිට ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ මූලික පියවර ලෙස ‘GovPay’ පහසුකම හඳුන්වාදීමට රජය කටයුතු කරන බවයි.

එම සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

ආරක්ෂිත සහ කාර්යක්ෂ්ම ඩිජිටල් ක්‍රමවේදයක් ඔස්සේ බාධාවකින් තොරව ගනුදෙනු කිරීමට හැකි වන පරිදි, රජයේ ආයතන හරහා සිදු කෙරෙන ගනුදෙනු විධිමත් කිරීම හා නවීකරණය මෙමගින් අපේක්ෂා කෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?