ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මෙවර පන්දුවාර 20 යොවුන් ක්‍රීඩිකා ක්‍රිකට් කුසලානයේ ‘ තරගාවලියේ කණ්ඩායම’ නම්කර තිබෙනවා.
ඊට ශ්‍රී ලංකාවේ යොවුන් කාන්තා කණ්ඩායමේ දඟ පන්දු යවන්නියක් වන චමෝදි ප්‍රබෝධා ද ඇතුළත් වීම විශේෂත්වයක්.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඇය ව අර්ථකථනය කර ඇත්තේ නැගී එන තරුවක් ලෙසයි.
මොනරාගල දිස්ත්‍රික්කයේ පිහිටි පඤ්ඤානන්ද මහා විද්‍යාලයෙන් ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායමට තේරී පත් වන ඇය තරගාවලිය පුරා ම විශිෂ්ට දක්ෂතා දැක්වූවා.
ඇය පසුගිය T20 තරගාවලිය පුරා ම බිඳ ඇති කඩුලු සංඛ්‍යාව 19ක්.
මැලේසියාවට එරෙහිව තරගයේ දී ලකුණු 05කට බිඳ දැමූ කඩුලු 03 හේතුවෙන් ඇය තරගයේ වීරයා බවට ද පත් වුණා.