AFC Banner
AFC Banner
Empty Ad

පොල් මද, පොල් කිරි, පිටි කළ පොල් සහ ලිසිඳි පොල් ආනයනයට සැරසෙයි (වීඩියෝ)

පවතින පොල් හිඟයට පිළියමක් ලෙස පොල් මද, පොල් කිරි, පිටි කළ පොල් සහ ලිසිඳි පොල් ආනයනය සඳහා අවසර ඉල්ලා කැබිනට් සන්දේශයක් මෙම සතිය තුළ ඉදිරිපත් කරන බව පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ශාන්ත රණතුංග පවසනවා.

අද (03) පෙරවරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් සභාපතිවරයා මේ බව සඳහන් කළා.

පොල් නිෂ්පාදන ආශ්‍රිත කර්මානතශාලාවල ප්‍රයෝජනය සඳහා මෙලෙස පොල් මද, පොල් කිරි, පොල් කිරි පිටි සහ ලිසිඳි පොල් ආනයන කිරීමට තීරණය කර ඇති බවයි ඔහු මෙහිදී සඳහන් කළේ.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ මෙලෙස ආනයනය කරනු ලබන පොල් මද, පොල් කිරි, පොල් කිරි පිටි සහ ලිසිඳි පොල් පාරිභෝගික ජනතාවට මිල දී ගැනීම වෙනුවෙන් දේශීය වෙළඳපොළට නිකුත් කිරීමක් සිදුනොකරන බවයි.

මෙම ආනයනයන් සඳහා අවසර ලැබූ පසු පොල් ආශ්‍රිතව නිෂ්පාදනයන් සිදුකරනු ලබන ආයතනවලට සෘජුවම මෙම ආනයනයන් සිදුකළ හැකි බවයි ඔහු මෙහිදී සඳහන් කළේ.

මේ අතර මෙම වසරේ මුල් මාස හතර තුළ අඩුවන පොල් ගෙඩි ප්‍රමාණය ආනයනය කිරීම සඳහා ද කටයුතු කරන බව සභාපතිවරයා පැවසුවා.

පොල් පාර්භෝගිකයින් වෙත සාධාරන මිලකට පොල් ගෙඩියක් ලබාදීම මෙහි ප්‍රධාන අරමුණක් වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?