ලංකාවේ ෆේස්බුක් ගිණුම් ලක්ෂ 20ක් අත්හිටුවීමට රජය සූදානම්

මෙරට සමස්ත ෆේස්බුක් ගිණුම් ප්‍රමාණයෙන් නිසි හිමිකරුවන් නොමැති බවට තහවුරු වී ඇති සියයට 27ක් වූ ⁣ගිණුම් ප්‍රමාණයක් (ගිණුම් ලක්ෂ 20ක් පමණ) අත්හිටුවීමට අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ඉදිරියේදී ගැනීමට නියමිත බව ජනමාධ්‍ය ඇමැති ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා.

ජාතික පුවත් පතකට කළ අදහසක් උපුටා දක්වමින් මේ බව අනාවරණය කෙරුණා.

එවැනි ගිණුම් නියාමනය සහ පාලනය කිරීමට රාජ්‍ය ව්‍යුහයේ පවතින ආයතන ඔස්සේ අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීම සඳහා පවතින නීති මත වැඩපිළිවෙළක් සැකසීම සඳහා අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ අලී සබ්රි මහතා සහ තමා එක්ව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවත් ඊට අනුමැතිය ලැබුණු වහාම අවශ්‍ය පියවර ගැනීමට නියමිත බවත් ඇමැතිවරයා වැඩිදුරටත් පවසනවා.

එවැනි හිමිකරුවන් නොමැති ගිණුම් ඔස්සේ ත්‍රස්තවාදයට, අන්තවාදයට, ජාතිවාදයට අනුබල දෙන ක්‍රියා, තරුණ පරපුර නොමඟ යවන විෂමාචාර සහ හොරකම්, මැරකම් වැනි සමාජ විරෝධි ක්‍රියාවන්ට ආධාර අනුබල දීම් වන බවට ආරක්ෂක අංශවල නිරීක්ෂණයන්ට ලක්ව ඇති බැවින් රටේ ජාතික ආරක්ෂාවට සහ යහපත් සමාජ පැවැත්ම උදෙසා මෙවැනි පියවරක් ගන්නා බවත් ඔහු පෙන්වා දෙනවා.

  1. ෆේස්බූක් පමණක් නොවෙයි පුවත්පත්ද පාලනය කල යුතුය
    රජය සහ විපක්ෂය එක් වී මේ ප්‍රශ්නය විසදිය යුතුවේ
    අපි 194ක් පාර්ලිමේන්තුවට යැව්වේ අපේ ප්‍රශ්ණ විසදන්න තමා
    පත් කල මන්තීන් ගැන වගකීම ඒ පක්ෂ බාර ගත යුතුවෙ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14
Video thumbnail
තානාපතිලා කැමැත්තෙන් පොහොට්ටුව සමඟ සංවාද අපේක්ෂා කරනවා - නාමල් ගැනත් අපි කතා කළා
02:43
Video thumbnail
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි - ගුරුවරුන්ටත් විශේෂ පුහුණුවක් ?
01:44
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල් - බලන්නකෝ මූණේ තියෙන අමුතු හිනාව
00:35
Video thumbnail
පොහොට්ටුවෙන් විදේශ තානාපතිවරු හමුවීම ගැන නලින්ද පිළිතුරු දෙයි - වෙන්නේ රටේ තියෙන නීතියට අනුව
01:52
Video thumbnail
ජොන්ස්ටන් එළියට ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ - "ආණ්ඩුවේ එකම නිව්ස් එක රිමාන්ඩ් කිරීම"
03:27
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක් - "බුදු සරණයි ගම්බාර අප්පච්චිට බාරයි"
01:13