ට්‍රම්ප් යුරෝපා සංගමයේ භාණ්ඩවලටත් තීරු බදු පනවන්න සැරසෙයි

යුරෝපා සංගමයේ භාණ්ඩ සඳහා ද ඉතා ඉක්මනින් තීරු බදු ක්‍රියාත්මක කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

මෙක්සිකෝවට සහ කැනඩාවට සියයට 25ක තීරු බදු පැනවීමෙන් සහ චීනයට සියයට 10ක තීරු බදු පැනවීමෙන් දිනකට පසු ට්‍රම්ප් ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙලෙස රටවල් කිහිපයක් සමඟ පවතින වෙළෙඳ යුද්ධය එක්සත් ජනපද ආර්ථිකයට වේදනාකාරී බවයි ට්‍රම්ප් පවසන්නේ.

එක්සත් ජනපද අවශ්‍යතා සුරක්ෂිත කිරීම සඳහා මෙම ක්‍රියාමාර්ග ගත බවත්, චීනය මෙක්සිකෝව සහ කැනඩාව මත පැනවූ තීරුබදු දීර්ඝ කාලීනව නොපවතින බව ද ඔහු සඳහන් කර සිටියා.

ඊයේ (02) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි කැනඩාවෙන් සහ මෙක්සිකෝවෙන් ආනයනය කරන සියලුම භාණ්ඩ සඳහා 25%ක බද්දක් ඇමරිකාව විසින් පනවනු ලැබූ අතර, චීන භාණ්ඩ සඳහා පැනවූ 10% ක අතිරේක බද්ද හෙට (04) දිනයේ සිට සිට බලාත්මක බවයි.

මේ අතර ට්‍රම්ප් විසින් යුරෝපා සංගමයට තීරු බදු අනතුරු ඇඟවීම සිදුකරන්නේ ලොව ධනවත්ම පුද්ගලයා වන එලොන් මස්ක් යුරෝපීය දේශපාලනයට පිවිසීමේ ප්‍රවණතාව මධ්‍යයේවීම විශේෂත්වයක්.

කෙසේ වෙතත්, ඊයේ යුරෝපා සංගමය පැවසුවේ අසාධාරණ ලෙස හෝ අත්තනෝමතික ලෙස යුරෝපා සංගම් භාණ්ඩ සඳහා තීරුබදු පනවන ඕනෑම වෙළඳ හවුල්කරුවෙකුට දැඩි ලෙස ප්‍රතිචාර දක්වන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩ ඉවත් කරන්න කියලා දැන් ලියුම් ග#ලා..කඩ හැදුවොත් දඩ ගහලා කූඩුවේ දානවා
04:09
Video thumbnail
රටම බලා සිටි ජනාධිපති එක්ක නීතිඥවරුන්ගේ සාකච්ඡාව අවසන්
03:46
Video thumbnail
කෘෂිකර්ම ඇමති ඔයා ඉල්ලා අස් වෙන්න - කාන්තාවක් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
05:39
Video thumbnail
සුගීශ්වරගේ රෝගී තත්ත්වය ගැන කිව්වා - ඒත් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළා
01:28
Video thumbnail
ජනාධිපතිතුමා මැදිහත් වෙලා ගොවියන්ට සාධාරණයක් කරන්න
03:48
Video thumbnail
බුදු සරණයි සර්, පරිස්සමෙන් ඉන්න - ඔයාව වට්ටන්න බෑ
01:23
Video thumbnail
සජිත් ළඟට ගිහින් ධීවරයින් දුක කියයි - මෝ# පක්ෂයක් ඇවිත් අවු:2යි..කිරින්දම විනාශ කළා
11:18
Video thumbnail
අපි බියවෙලා ඉන්නේ - සාක්කි හදනවා, චෝදනා මවනවා
11:01
Video thumbnail
විපක්ෂය කියන ඒවා අපි ලොකුවට ගණන් ගන්නේ නෑ
04:56
Video thumbnail
ප්‍රසංග කලාවටත් තිත ? අපි සූදානම් නෑ මේ කතෘ භාගය ගෙවන්න..ගායකයා ඒක ගෙවන්න
05:09