පුද්ගලික සමාගමක් විසින් කල්පිටිය, තුඩාව ප්‍රදේශයේ ස්ථාපනය කර ඇති සුළං බලාගාර කුළුණක තටුවක් කඩා වැටීමෙන් නිවාස දෙකකට හානි සිදුව තිබෙනවා.
මීටර් 100ක් පමණ උසකින් යුත් බලාගාර කුළුණට සවිකර තිබූ මීටර් 40ක පමණ දිගකින් යුත් තටුවක් මෙලෙස කඩා වැටී ඇති බවයි වාර්තා වන්නේ.
තඩුව කඩා වැටීමෙන් ඒ ආසන්නයේ තිබූ තාවකාලික නිවාසයකට සහ ස්ථීර නිවාසයකට මෙලෙස හානි සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
ඊයේ (02) පස්වරුවේ සිදු වූ මෙම අනතුරින් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර, නිෂ්පාදන දෝෂයක් හේතුවෙන් මෙම තටුව කඩා වැටී ඇති බවයි අදාළ පුද්ගලික සමාගමේ නිලධාරියෙක් පැවසුවේ.
මේ සම්බන්ධයෙන් සොයා බැලීමට සුළං විදුලි බලාගාරයේ උපාංග නිෂ්පාදනය කර ඇති ඉන්දීය සමාගමේ නිලධාරීන් ඉදිරි දින කිහිපය තුළ දිවයිනට පැමිණීමට නියමිත බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළා.