ගෙවල් දෙකක් උඩට සුළං බලාගාරයක තට්ටක් කඩා වැටෙයි (ඡායාරූප)

පුද්ගලික සමාගමක් විසින් කල්පිටිය, තුඩාව ප්‍රදේශයේ ස්ථාපනය කර ඇති සුළං බලාගාර කුළුණක තටුවක් කඩා වැටීමෙන් නිවාස දෙකකට හානි සිදුව තිබෙනවා.

මීටර් 100ක් පමණ උසකින් යුත් බලාගාර කුළුණට සවිකර තිබූ මීටර් 40ක පමණ දිගකින් යුත් තටුවක් මෙලෙස කඩා වැටී ඇති බවයි වාර්තා වන්නේ.

තඩුව කඩා වැටීමෙන් ඒ ආසන්නයේ තිබූ තාවකාලික නිවාසයකට සහ ස්ථීර නිවාසයකට මෙලෙස හානි සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඊයේ (02) පස්වරුවේ සිදු වූ මෙම අනතුරින් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර, නිෂ්පාදන දෝෂයක් හේතුවෙන් මෙම තටුව කඩා වැටී ඇති බවයි අදාළ පුද්ගලික සමාගමේ නිලධාරියෙක් පැවසුවේ.

මේ සම්බන්ධයෙන් සොයා බැලීමට සුළං විදුලි බලාගාරයේ උපාංග නිෂ්පාදනය කර ඇති ඉන්දීය සමාගමේ නිලධාරීන් ඉදිරි දින කිහිපය තුළ දිවයිනට පැමිණීමට නියමිත බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
tan postතංගල්ලේ තැපැල් සේවකයන් අණබෙර වයමින් නගරයේ කරපු දේ - තැපැල් පෙට්ටි උස්සගෙන
01:15
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51