බණ්ඩාරවෙල ප්‍රදේශයේ හින්දු කෝවිලක අලුත්වැඩියා කටයුතු සිදුකරමින් සිටිය දී කොන්ක්‍රීට් කුට්ටියක් හිස මතට කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බණ්ඩාරවෙල පොලිස් වසමට අයත් ක්‍රේග් වත්ත උඩ කොටසේ පිහිටි ශ්‍රී සිවසුබ්‍රමනියම් කෝවිලේ අලුත්වැඩියා කටයුතු සිදුකරමින් සිටි පුද්ගලයෙක්.
කෝවිලේ අලුත්වැඩියා කටයුතු සිදුකිරිම සඳහා එහි පරණ කොටස් ඉවත් කරමින් සිටියදී මෙම පුද්ගලයා මෙලෙස අනතුරට මුහුණ පා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මියගිය පුද්ගලයා එම ප්‍රදේශයේම පදිංචිව සිටි වයස අවුරුදු 65ක අයෙක්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1