මෝල් ගසකින් පහරදී පුද්ගලයෙක් ඝාතනය කළ පුවතක් ගම්පහ, කොටුගොඩ ප්‍රදේශයෙන් වාර්තා වනවා.
ඊයේ (01) රාත්‍රියේ සිදුකළ මෙම පහරදීමෙන් ඝාතනයට ලක්ව ඇත්තේ කොටුගොඩ, ලන්සියා වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි ඉසුරු මධුෂාන් නැමැති අයෙක්.
මෙම පුද්ගලයා ඊයේ (01) රාත්‍රියේ බීමතින් තම බිරිඳ හමුවීමට පිහියක් ද රැගෙන ඇයගේ නිවසට පැමිණ තිබෙනවා.
එම අවස්ථාවේ බිරිඳ නිවසේ නොසිටීම හේතුවෙන් ඇයගේ මවගේ ගෙළට පිහිය තබා තර්ජනය කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
එලෙස තර්ජනය කරන අවස්ථාවේ දී අදාළ කාන්තාවගේ සැමියා පැමිණ මෙම පුද්ගලයාට මෝල් ගසකින් පහර දී ඇති බවයි වාර්තා වුණේ.
පහර කෑමෙන් හිසට සිදුවූ බරපතළ තුවාල ද සමඟ ඊයේ රාත්‍රියේම ඔහුව ගම්පහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
එලෙස ඇතුළත් කළ පුද්ගලයා එහි ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (02) උදෑසන මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
ඝාතනයට සම්බන්ධ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමටයි ගම්පහ පොලිසිය කටයුතු කර ඇත්තේ.