AFC Banner
AFC Banner
Empty Ad

පපුවට පිහියෙන් ඇනලා පියා ඝාතනය කරලා – පුතා අත්අඩංගුවට

උඩප්පුව පොලිස් වසමේ පෙරියකොළණිය ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයෙක් ඊයේ (01) අලුයම් කාලයේ ඝාතනය කර තිබෙනවා.

අදාළ පුද්ගලයා අසනීපයක් තත්ත්වයක් හේතුවෙන් උඩප්පුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බවට උඩප්පුව පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයක දී මෙම ඝාතනය පිළිබදව තොරතුරු අනාවරණය වූ බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ උඩප්පුව, ආඩිමුනේ ප්‍රදේශයේ පදිංචිව සිටි 63 හැවිරිදි අයෙක්.

රෝහලට ඇතුළත් කළ මෙම පුද්ගලයාගේ මරණය සක කටයුතු මරණයක් බැවින් මහේස්ත්‍රාත් පරීක්‍ෂණයක් සිදුකිරීමට අවශ්‍ය බවට දැනුම් දී තිබෙනවා.

ඒ, අනුව සිදුකළ වැඩිදුර විමර්ශනයේ දී, මෙම මරණය මනුෂ්‍ය ඝාතනයක් බවත්, මරණකරුගේ පුතා විසින් මරණකරු නිදා සිටියදී පපු ප්‍රදේශයට පිහියකින් ඇන ඇති බවත් අනාවරණය වූ බවයි පොලිසිය සඳහන් කළේ.

මරණකරුගේ පුතා මන්ද මානසික තැනැත්තෙකු බවත්, ඔහුට ප්‍රතිකාර ලබාගැනීමට පියා එදින යාමට නොපැමිණීම හේතුවෙන් අමනාප වී මෙලෙස පිහියෙන් ඇන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අපරාධය සිදුකළ අවුරුදු 20ක පුතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?