පපුවට පිහියෙන් ඇනලා පියා ඝාතනය කරලා – පුතා අත්අඩංගුවට

උඩප්පුව පොලිස් වසමේ පෙරියකොළණිය ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයෙක් ඊයේ (01) අලුයම් කාලයේ ඝාතනය කර තිබෙනවා.

අදාළ පුද්ගලයා අසනීපයක් තත්ත්වයක් හේතුවෙන් උඩප්පුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බවට උඩප්පුව පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයක දී මෙම ඝාතනය පිළිබදව තොරතුරු අනාවරණය වූ බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ උඩප්පුව, ආඩිමුනේ ප්‍රදේශයේ පදිංචිව සිටි 63 හැවිරිදි අයෙක්.

රෝහලට ඇතුළත් කළ මෙම පුද්ගලයාගේ මරණය සක කටයුතු මරණයක් බැවින් මහේස්ත්‍රාත් පරීක්‍ෂණයක් සිදුකිරීමට අවශ්‍ය බවට දැනුම් දී තිබෙනවා.

ඒ, අනුව සිදුකළ වැඩිදුර විමර්ශනයේ දී, මෙම මරණය මනුෂ්‍ය ඝාතනයක් බවත්, මරණකරුගේ පුතා විසින් මරණකරු නිදා සිටියදී පපු ප්‍රදේශයට පිහියකින් ඇන ඇති බවත් අනාවරණය වූ බවයි පොලිසිය සඳහන් කළේ.

මරණකරුගේ පුතා මන්ද මානසික තැනැත්තෙකු බවත්, ඔහුට ප්‍රතිකාර ලබාගැනීමට පියා එදින යාමට නොපැමිණීම හේතුවෙන් අමනාප වී මෙලෙස පිහියෙන් ඇන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අපරාධය සිදුකළ අවුරුදු 20ක පුතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෘත්තීය අධ්‍යාපනය ගැන රෝහිනී කට අරියි..NVQ Level 4 කරපු අයට විශ්වවිද්‍යාලයට එන්න ඉඩ දෙන්න
07:57
Video thumbnail
🔴Breaking News
01:51
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.08
27:16
Video thumbnail
දෙනියායේ දරුවන් අතර පැතිර යන රෝගය ගැන විශේෂ හෙළිදරව්වක්
04:22
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද කපිල චන්ද්‍රසේනගේ සිරුර පොලිස් මෘතශරීරාගාරයට රැගෙන ගිය හැටි
05:21
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ ම#ණය පිටිපස්සේ ඉන්නේ කවුද..?
08:28
Video thumbnail
රාජාංගනේ සද්ධාරතන හිමිව පන්සලටම ඇවිත් අත්අඩංගුවට ගත් හැටි.."ජංගම දුරකථන තියෙනවද ? කෝ දැන්"
00:59
Video thumbnail
ශ්‍රීලන්කන් හිටපු CEO කපිලගේ නිසල සිරුර නිවසින් රැගෙන ගිය හැටි
01:18
Video thumbnail
කපිලට දැඩි මානසික පීඩාවක් ලබා දීලා ?.. කපිල ගැන පොහොට්ටුවේ රමේෂ් එළියට දාපු දේ..
02:21
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ එළොව යෑම ගැන සාගරගෙන් ප්‍රබල හෙළිදරව්වක්..නම් එක්ක එළියට දාපු දේ
09:23