අදානි සුළං බල ව්‍යාපෘතිය නැවත ඇගයීමට කමිටු දෙකක්

අදානි සමූහය මඟින් මෙරට ක්‍රියාත්මක කිරීමට නියමිත සුළං බල ව්‍යාපෘතිය නැවත ඇගයීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් කමිටු දෙකක් පත් කර ඇති අතර, මෙම කමිටුවල ක්‍රියාකාරිත්වය පිළිබඳව නීති උපදෙස් ලබාගෙන තිබෙනවා .

ව්‍යාපෘතියට අදාළව පවතින නීතිමය ක්‍රියාමාර්ග හේතුවෙන් මෙය සිදුකරන බවයි වාර්තා වුණේ.

ඇස්තමේන්තු ගත පිරිවැය, නීතිමය අනුකූලතාව සහ පාරිසරික බලපෑම් වාර්තා ඇතුළුව අදානි සුළං බල ව්‍යාපෘතියේ අංශ කිහිපයක් නැවත තක්සේරු කිරීම මෙම කමිටුවලට පැවරී ඇති බවයි බලශක්ති අමාත්‍යාංශය පවසන්නේ.

මන්නාරම සහ පූනරින් හි මෙගාවොට් 484 ක සුළං බල ව්‍යාපෘතියක් සඳහා අදානි සමූහය දැනට ඇමරිකානු ඩොලර් බිලියන 01ක් ආයෝජනය කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?