AFC Banner
AFC Banner
Empty Ad

සහෝදරයාගේ ඇඟට යට වී මාස හයේ බිළිඳිය මිය ගිහින්

නිවසේ නිදා සිටි කුඩා බිළිඳියක් වැඩිමහල් සහෝදරයාගේ ඇඟට යට වී අවාසනාවන්ත ලෙස මියගිය පුවතක් කළුතර, වෙනිවැල්කැටිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මාස 06ක විනුල්යි දිහාක්‍යා නැමැති බිළිඳියක් බවයි වාර්තා වුණේ.

බිළිඳිය නිවසේ නිදා සිටිය දී ඇයගේ වැඩිමහල් සහෝදරයා ද ඒ අසල නිදාගෙන සිට ඇති අතර, එම අවස්ථාවේ සහෝදරයාගේ ඇඟට කුඩා බිළිඳිය යට වී තිබෙනවා.

එහිදී බරපතළ තත්ත්වයේ පසු වූ බිළිඳිය කළුතර – නාගොඩ ළමා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් කළුතර දකුණ මූලස්ථාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?