කිලෝවකට වැඩි අයිස් එක්ක තරුණයෙක් කොළඹ හතෙන් අල්ලයි (වීඩියෝ)

කුරුඳුවත්ත පොලිස් වසමේ ධර්මපාල මාවත ප්‍රදේශයේ දී අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (31) පස්වරුවේ අත්අඩංගුවට ගැනුණු සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ‍01 ග්‍රෑම් 190ක් සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 35ක් වන බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙන බවයි වාර්තා වන්නේ.

කුරුඳුවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්