ප්‍රශ්න පත්‍ර පිටවීමෙන් කල් දැමුණු උතුරු මැද සාමාන්‍ය පෙළ වාර විභාගය තුන්වනදා

ප්‍රශ්න පත්‍ර පිටවීම හේතුවෙන් දින නියමයක් නොමැතිව කල් දැමූ 2024 උතුරු මැද පළාතේ සාමාන්‍ය පෙළ අවසන් වාර විභාගය එළඹෙන පෙබරවාරි මස 03 වනදා පැවැත්වෙන බව පළාත් අධ්‍යාපන ලේකම්වරයා දැනුම් දෙනවා.

මෙම විභාගය පොලිස් ආරක්ෂාව යටතේ පැවැත්වෙන බවයි අධ්‍යාපන ලේකම්වරයා සඳහන් කර සිටියේ.

මේ සඳහා නව ප්‍රශ්න පත්‍ර රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව මඟින් මුද්‍රණය කර මේ වනවිට උතුරු මැද පළාතේ කොට්ඨාස අධ්‍යාපන කාර්යාලවලට නිකුත් කර ඇති බව සඳහන්.

විභාගය යළි ආරම්භ වන දිනයේ දී අදාළ විදුහල්පතිවරුන් වෙත ඒවා පොලිස් ආරක්ෂාව යටතේ ලබාදීමට කටයුතු කරන බව ද අධ්‍යාපන ලේකම්වරයා වැඩිදුරටත් පවසා සිටියා.

මේ අතර ප්‍රශ්න පත්‍ර පිටකිරීමට සම්බන්ධය සැකකරුවන් සදහා නීතිමය කටයුතු අධ්‍යාපන අමාත්‍යංශය මඟින් සිදුකරමින් පවතින බවත් ලේකම්වරයා තවදුරටත් අදහස් දක්වමින් කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.05
07:52:06
Video thumbnail
අසල්වැසියාගේ කේලම නිසා පුංචි පුතු තනිකර මව සදහටම ජීවිතයෙන් සමුගත් ඛේදවාචකය
03:14
Video thumbnail
සජිත්ගේ මැයි රැළියේ වුණ හුටපටයකට ඇමති නැලින්ද පිළිතුරු දෙයි..සජිත්ව මට හදන්න බෑ
02:13
Video thumbnail
සමාගමක සේවකයන්ට ප#රදීමට විරුද්ධව මිනිස්සු පාරට බහියි..ලක්ෂ ගණන් සල්ලි, බංගලා දීලා නඩත්තු කරනවා
04:16
Video thumbnail
අර්චුනා එකපාරටම නැගිටිලා ඇමතිට නීතිය කියලා දෙයි
01:01
Video thumbnail
උස්සලා පොළොවේ ග#නවා - කෙඳිරි ගාන්න එපා
12:34
Video thumbnail
මහින්ද මහත්තයා කරපු වැඩත් එක්ක කිසිම නායකයෙක්ට තර්ක කරන්න බෑ..ගම් මට්ටමේ කතාවෙන ප්‍රධානම නම නාමල්
01:50
Video thumbnail
ආණ්ඩුව ගැන ජනතාවගෙන් ඇහුවා නම් හොඳට කියයි
01:14
Video thumbnail
චාමර චීනෙට යන්න අවසර ගන්න උසාවියට එයි.."ඕක දාන්න එපා වැඩක් නෑනේ..කට් දෙන්නේ නෑ"
00:55
Video thumbnail
අපේ ආණ්ඩුවේ කිසිම කෙනෙකුට චෝදනා කරන්න බෑ
02:14