නැගෙනහිර සහ උතුරු මැදට නව ප්‍රධාන ලේකම්වරු (ඡායාරූප)

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නැගෙනහිර පළාත සහ උතුරු මැද පළාත සඳහා ප්‍රධාන ලේකම්වරු පත් කර තිබෙනවා.

ඒ, අනුව නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම් ලෙස ටී.ඒ.සී.එන්. තලංගම සහ උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් ලෙස ජේ. එම්. ජයසිංහ යන අය පත්කර තිබෙනවා.

ඊට අදාළ පත්විම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් අද (31) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී එම ඔවුන් වෙත ප්‍රදානය කෙරුණා.

නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම් ලෙස පත් කළ ටී.ඒ.සී.එන්. තලංගම මීට පෙර ධීවර අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු ලෙසත්, ජේ.එම්. ජයසිංහ කෑගල්ල දිස්ත්‍රික් ලේකම්වරයා ලෙසත් කටයුතු කර තිබෙනවා.