IP නෝනට ASP තනතුර දෙන්න හොර පාරෙන් ඉන්ටවීව් කැඳවලා – විභාගය දා රටෙත් ඉඳලා නැහැ

2023 වසරේ නොවැම්බර් මස 18 සහ 19 දෙදින තුළ විභාග දෙපාර්තමේන්තුව විසින් පොලිස් දෙපාර්තමේන්තුවට සහකාර පොලිස් අධිකාරීවරුන් බඳවා ගන්නා සීමිත තරග විභාගය පවත්වනු ලැබුවා.

එම විභාගයට පෙනී නොසිට විදේශගත වී සිටි කාන්තා පොලිස් පරීක්ෂකවරියක් විභාගය සමත්වූවන් වෙනුවෙන් පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවා ඇති බවට තොරතුරු වාර්තා වනවා.

විභාගයට පෙනී නොසිටි එම පොලිස් පරීක්ෂකවරිය මෙලෙස සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවීම සම්බන්ධයෙන් මේ වනවිට පොලීසිය තුළ දැඩි ආන්දෝලනයක් ඇතිව ඇති බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ.

2023 වසරේ නොවැම්බර් මස 18 සහ 19 දිනයන්වල දී පැවති මෙම විභාගයේ ප්‍රතිඵල මත ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයට මෙලෙස අත්තනෝමතික ලෙස කැඳවා ඇත්තේ රාජ්‍ය බුද්ධි අංශයේ අධ්‍යක්‍ෂවරයකුගේ කාර්යාලයේ සේවය කරමින් සිටින කාන්තා පොලිස් පරීක්ෂකවරියක් බව සඳහන්.

මෙම විභාගය පැවත් වූ අවස්ථාවේ සිට එක්තරා පොලිස්පතිවරයෙකුගේ සහ ඔහුගේ පුද්ගලික සහකාර ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂවරයෙකුගේ අභිමතය පරිදි ඔවුන්ගේ ඉදිරි පැවැත්ම සඳහා වැදගත්වන පිරිසක් තෝරාගෙන ලිඛිත විභාගයේ මුවාවෙන් සහකාර පොලිස් අධිකාරී තනතුරු පිරිනැමීමේ උත්සාහයක් පිළිබඳව පොලිසිය අභ්‍යන්තරයේ දැඩි කතා බහක් ඇතිව තිබෙනවා.

එමෙන්ම තවත් උසස් පොලිස් ප්‍රධානියෙකුගේ මැදිහත්වීමෙන් මෙම විභාගය සඳහා සකස් කළ ප්‍රශ්නපත්‍ර පිළිතුරුත් සමඟ ඔවුන්ගේ සමීප නිලධාරී වෙත ලබාදීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වුණේ.

විභාගයට පෙනී නොසිටි මෙම කාන්තා පොලිස් නිලධාරිනියක් ලිඛිත විභාග ප්‍රතිඵල මත කැඳවූ අදාළ සම්මුඛ පරීක්ෂණයේ සහ තරග විභාගය තුළ තවත් අක්‍රමිකතා රැසක් සිදු වූ බවට සහකාර පොලිස් අධිකාරී තනතුර වෙනුවෙන් බලා සිටින නිලධාරීන් චෝදනා කර සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20