2024 ලෙජන්ඩ් ට්‍රොෆි තරගාවලියේ තරග පාවාදීම සම්බන්ධයෙන් වන නඩුවේ තීන්දුව මාර්තුවේ දී

පල්ලෙකැලේ ක්‍රිඩාංගණයේ දී පැවති ලෙජන්ඩ් ට්‍රොෆි 2024 ක්‍රිකට් තරගාවලියේ දී මුදලට තරග පාවාදීම සඳහා බලපෑම් කළ බවට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති උපුල් තරංග කළ පැමිණිල්ලකට අනුව ගොනු කළ නඩුවේ තීන්දුව මාර්තු මස 10 වැනි දින ප්‍රකාශයට පත් කරන බවට අධිකරණය දැනුම්දී තිබෙනවා.

ඔහු විසින් කළ පැමිණිල්ලකට අනුව මෙම නඩුව අද (31) දින යළි කැඳවමින් මාතලේ මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා විසින් එකී නියෝගය නිකුත් කරනු ලැබුවා.

කෙසේවෙතත් පසුගිය ඔක්තෝබර් 08 වැනි දා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා ව අත්අඩංගුවට ගන්නා ලෙසට අධිකරණය වරෙන්තුවක් ද නිකුත් කෙරුණා.

ඒ ඔහු විසින් සිදු කරන ලද පැමිණිල්ලේ සාක්ෂි ලබාදීමට හෙතෙම උසාවියේ පෙනී නොසීම හේතුවෙන්.

උපුල් තරංග ඒ වනවිට අමෙරිකානු නැෂනල් ලීග් T10 තරගාවලිය සඳහා අමෙරිකාවට ගොස් සිටියා.

එබැවින් ඔහු දිවයිනට පැමිණි විගස ම අත්අඩංගුවට ගන්නා ලෙසට අධිකරණය එදින දැනුම්දුන්නා.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් මාතලේ මහාධිකරණය තමන්ව අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා නිකුත් කර තිබෙන වරෙන්තුව බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා උපුල් තරංග විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් කොළඹ අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබුවේ පසුගිය ඔක්තෝබර් මස 30 වැනි දිනයි.

එම අවස්ථාවේ දී මාතලේ මහාධිකරණය විසින් නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවන ලෙස අභියාචනාධිකරණය එදින නියෝග කළා.

අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ, ඉදිරියේ දී අදාළ නඩුව මාතලේ මහාධිකරණය හමුවේ විභාගය සඳහා කැඳවන අවස්ථාවේ එම අධිකරණය හමුවේ පෙනී සිටින බවට උපුල් තරංග සිය නීතිඥවරු මාර්ගයෙන් දුන් ප්‍රතිඥාවක් සලකා බැලීමෙන් පසුවයි.

මොහොමඩ් ලෆාර් තාහීර් සහ පී. කුමාරන් රත්නම් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල විසින් එම නියෝගය නිකුත් කරනු ලැබුවා.

මෙවන් තත්ත්වයක් මතයි මෙම නඩුව අද දිනයේ දී යළිත් මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයේ දී කැඳවමින් නඩුවේ තීන්දුව මාර්තු මාසයේ මුල් සතියේ දිනෙක (10) ලබාදීමට තීරණය කළේ.

මේ අතර මෙම ලෙජන්ඩ් ට්‍රොෆි තරගාවලියේ දී තරග පාවාදීමට යෝජනා කළ බව කියන කණ්ඩායමක හිමිකරුවෙකු රටින් පලා ගොස් ඇතැයි කරුණු අනාවරණය වී ඇතැයි නීතිපතිවරයා විසින් මීට පෙර මාතලේ මහාධිකරණයට දැනුම්දීමක් සිදු කරනු ලැබුවා.

මෙලෙස රටින් පලා ගොස් ඇත්තේ එම චෝදනා සම්බන්ධයෙන් ඇප මත මුදා හැර සිටි කැන්ඩි සෑම්ප් ආමි කණ්ඩායමේ හිමිකරු වශයෙන් කටයුතු කළ ඉන්දීය ජාතික යෝගී පටෙල් නමැත්තා යි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08