Empty Ad
AFC Banner
Empty Ad

මෙවර නිදහස් දින සැමරුම් උළෙලෙන් මිලියන 27ක ඉතිරියක්

77 වන නිදහස් දින සමරුම් උළෙල ලබන 04 වැනිදා කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී අභිමානවත්ව පවත්වීමට සියලු කටයුතු මේ වනවිට සූදානම් වෙමින් පවතිනවා.

පසු ගියවර පැවති 76 වන නිදහස් දින සැමරුම් උළෙල සඳහා වැය කළ මුදලට වඩා රුපියල් මිලියන 27ක් ඉතිරි කර ගැනීමට මෙවර නිදහස් දින සැමරුම් උළෙලේ දී හැකිවූ බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය සඳහන් කරනවා.

76 නිදහස් සමරු උළෙලට වෙනුවෙන් රුපියල් මිලියන 107ක වියදමක් දරා ඇති අතර, එම මෙවර රුපියල් මිලියන 80 කට සීමාකර ගැනීමට හැකි වූ බවයි එම අමාත්‍යංශය පැවසුවේ.

මේ අතර මෙවර නිදහස් සැමරුම් උළෙලේ දී ජනාධිපති උත්තමාචාර වෙඩි මුර පිරිනැමීමක් සිදුනොකරන බවයි වාර්තා වුණේ.

එමෙන්ම මෙවර නිදහස් සැමරුම් උළෙල සාමාන්‍ය ජනතාවගේ වැඩි සහභාගීත්වයකින් පැවැත්වීමට තීරණය කර ඇති බව ද රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?