Empty Ad
AFC Banner
Empty Ad

ජනාධිපති ලේකම් සහ ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයන් අතර හමුවක්

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සහ ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයන් අතර හමුවක් ඊයේ (30) ජනාධිපති කාර්යාලයේ දී පැවැත් වුණා.

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය වේගවත් දියුණුවක් අත්කර ගනිමින් සිටින බව මෙහිදී ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයෝ සඳහන් කළා.

ඒ, අනුව ඉදිරියේ දී ආසියානු සංවර්ධන බැංකුවේ දායකත්වයෙන් මෙරට සංචාරක කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් සැලසුම් කර තිබෙන නව ව්‍යාපෘති සම්බන්ධව ද මෙහි දී නියෝජිතයන් ජනාධිපති ලේකම්වරයා දැනුම්වත් කර සිටියා.

නව සංචාරක කලාප ඇති කිරිමේ දී සහ සංචාරක කර්මාන්තයේ ඉදිරි සැලසුම් ක්‍රියාත්මක කිරීමේ දී රාජ්‍ය ආයතනවල දායකත්වය විධිමත් හා කාර්යක්ෂම අන්දමින් ලබාගැනීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණා.

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නඟා සිටුවීම වෙනුවෙන් වත්මන් රජය ගෙන ඇති පියවර සම්බන්ධයෙන් මෙහිදී ස්තුතිය පළ කළ ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයන් වැඩිදුරටත් සඳහන් කර සිටියේ නව රජයේ වැඩපිළිවෙළ නිසා සංචාරක ක්ෂේත්‍රය අත්පත් කරගෙන තිබෙන ප්‍රගතිය පිළිබඳ තමන් සෑහීමකට පත්වන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?