කොස්ගොඩ – මහ ඉඳුරුව ප්‍රදේශයේ දී වෙඩි තැබීමක් සිදු ව තිබෙනවා.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් නිවසක් ඉදිරිපිට දී හා නිවස තුළට පැමිණ නිවසේ සිටි පුද්ගලයෙකුට වෙඩිතැබීමක් සිදුකර පලා ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.
ඒ සම්බන්ධයෙන් 119 ට ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා.
වෙඩිතැබීම සඳහා යොදාගත් ගිනිඅවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ජීවිත හෝ දේපොළ හානි කිසිවක් වාර්තා වී නැහැ.
නිවස ආසන්නයේ තිබී අපරාධය සඳහා යොදාගත් ගිනිඅවිය බවට සැක කෙරෙන පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් හමු වී ඇති අතර වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවත් පැවසෙනවා.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කොස්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.